වසර 29 කට පසුව ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටී.
මෙම වසරේ ජුනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7% කින් පහත වැටී ඇති අතර එය මෙතෙක් වාර්තාගත විශාලතම පහත බැසීම බවද වාර්තා වේ.
මාර්තු කාර්තුවේදී එය 0.3% කින් පහත වැටී තිබුණි.
"අඛණ්ඩව වසර 28 ක ආර්ථික වර්ධනයක් සහිත ජාතියක් ලෙස ඔස්ට්‍රේලියාව තැබූ වාර්තාව නිල වශයෙන් අවසන් වී තිබේ" යනුවෙන් මේ සතියේ පාර්ලිමේන්තුවේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය osh Frydenberg පැවසීය.
වසර 29 කට පසුව ඔස්ට්‍රේලියාව මෙලෙස ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින්නේ කොරෝනා වසංගතයේ බරපතල බලපෑම නිසාවෙනි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ආර්ථික අවපාතයේ ප්‍රධාන අගයන්
මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වූ පළමු කාර්තුව සඳහා සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණාත්මක අගයකට යාම මෙහි පළමු ප්‍රධාන කේන්ද්‍රය විය.
නමුත් ජුනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 7% කින් පහත බැස තිබෙන අතර එය මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ විශාලතම සහ වාර්තාගත පහළ යාම ලෙස සටහන් වේ.
මීට පෙර ඔස්ට්‍රේලියාවේ විශාලතම ආර්ථික අවපාතය සිදුවුයේ 1974 වසරේදී වන අතර එය 2% ක් බව සඳහන්.
ආර්ථික සංකෝචනය ට මූලිකම හේතුව වූයේ ගෘහස්ථ වියදම් අඩුවීමය. ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ වියදම් 12.1% කින් පහත වැටී ඇත.
වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් මෙල්බර්න් නුවරට පනවා ඇති සිව්වන මට්ටමේ lockdown නීති වලින් ව්‍යාපාර සහ ගෘහස්ත ආර්ථිකයට සිදුවූ බලපෑම මෙම කාර්තුමය සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවී ඇති බවද සඳහන්.

ලොව සෙසු රටවල් හා සසඳන විට ඔස්ට්‍රේලියාව සිටින ස්ථානය
ඍණාත්මක ආර්ථික වර්ධනයක් තිබියදීත් ඔස්ට්‍රේලියාව ලොව සෙසු රටවල් හා සසඳන විට හා විශේෂයෙන්ම සංවර්ධිත රටවලට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක පවතී.
එක්සත් රාජාධානිය පසුගිය ජුනි කාර්තුවේදී ඉතා බරපතල ආර්ථික අවපාතයකට මුහුණ දුන් අතර එම කාර්තුවේදී ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය 20.4% කින් පහත වැටී තිබේ.
ඇමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය 9% කට වඩා පහත වැටී ඇති අතර ජර්මනිය සහ කැනඩාව ද ඊට සමාන අවපාතයකට මුහුණ දී ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Scott Haslem යනු සිඩ්නි නුවර Crestone Wealth Management හි ප්‍රධාන ආයෝජන නිලධාරියා වේ.
සෙසු රටවලට සාපේක්ෂව මෙහිදී ඉතා අඩුවෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සංකෝචනය වීමට ප්‍රධාන හේතුව කොරෝනා වසංගතය ආරම්භයේදීම ඔස්ට්‍රේලියාව ආර්ථිකමය වශයෙන් ඉතා ශක්තිමත්ව සිටීම බව ඔහු SBS පුවත් සේවයට පැවසීය.
"ඔස්ට්‍රේලියාව මුහුණ දුන් අවසන් ආර්ථික අවපාතයේ සිට මේ වන විට වසර 30 කට ආසන්නයි. එයින් පැහැදිලිවම අදහස් කරන්නේ ඔස්ට්‍රේලියාවට හොඳ ආර්ථික වර්ධන අත්දැකීමක් ඇති බවත් හොඳ මූල්‍ය තත්වයක් ඇති බවත්ය." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ලොව අනෙක් රටවලට වඩා ඉතා ඉක්මණින් සහ විශාල වශයෙන් සහන පැකේජ ගණනාවක් ඔස්ට්‍රේලියාවට තම ජනතාව වෙනුවෙන් ලබාදීමට හැකියාව ලැබුණු බවත් Crestone Wealth Management හි ප්‍රධාන ආයෝජන නිලධාරියා වන Scott Haslem, SBS පුවත් සේවයට පැවසීය.
මෙය වළක්වා ගත හැකිව තිබුණාද?
John Hawkins යනු කැන්බරා විශ්ව විද්‍යාලයේ දේශපාලන, ආර්ථික හා සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකි.
මෙම ආර්ථික අවපාතය වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට සිදුකිරීමට බොහෝ දේ නොමැති බව ඔහු පැවසීය.
"එය වළක්වා ගැනීමට කිසිදු ක්‍රමයක් නැහැ. මාර්තු කාර්තුවේදී මෙම කඩා වැටීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කිසිදු දෙයක් කිරීමට තිබුණේ නැහැ. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශාල සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළ නමුත් මදක් වේගයෙන් එය කිරීමට තිබු බව ඒ පිළිබඳ පසු විපරමකදී පෙනී ගියා. නමුත් මම හිතන්නේ එය නොවැළැක්විය හැකියි කියා. මෙය අපට දුර්වල කාර්තුවක්" යනුවෙන් John Hawkins පැවසුවේය.
මහජනයා එක් රැස්වීම් තහනම් නොකළානම් මාර්තු කාර්තුව සඳහා තරමක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඉඩ තීබූ නමුත් එවිට තවත් බොහෝ පුද්ගලයින් හට කොරෝනා වයිරසය වැළදී ඊළඟ ජුනි සහ සැප්තැම්බර් කාර්තු වලදී වඩාත් නරක ප්‍රතිඵල අත්දැකීමට ඉඩ තිබුණු බවත් ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතය ඔබට බලපාන්නේ කෙසේද?
"ආර්ථික අවපාතය බොහෝ විට අර්ථ දැක්වෙන්නේ ඔබේ අසල්වැසියාට ඔහුගේ හෝ ඇයගේ රැකියාව අහිමි වූ විට යනුවෙනි. නමුත් ඔබේ රැකියාව අහිමි වූ විට එහි මානසික අවපීඩනය ඔබට ගෙන දෙයි" යනුවෙන් කැන්බරා විශ්ව විද්‍යාලයේ දේශපාලන, ආර්ථික හා සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය John Hawkins පැවසීය.
ඇතැම් පුද්ගලයින් හට සේවා පැය ගණන් අහිමි විය හැකි අතර ඇතැමුන්ට රැකියා පවා අහිමිවීමට ඉඩ ඇති බවත් එය තවත් බොහෝ දෙනෙකුට බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.
"වැටුප් වර්ධනය ද මන්දගාමී වනු ඇති. රැකියා සඳහා මිනිසුන් සොයා ගැනීමට තරඟයක් නොමැති නිසා වැටුප් වර්ධනය වීමක් දීර්ග කාලයකට ඔබට දැකීමට නොහැකි වේවි" යනුවෙන් ද මහාචාර්ය Hawkins ප්‍රකාශ කළේය.
ආර්ථික අවපාත්යකදී රැකියා අහිමිවන පුද්ගලයින් බොහොමයක් සිටින බව සාමාන්‍ය පුද්ගලයෙකු දන්නා බවත් ඇතැම් පුද්ගලයින්ට අප ආර්ථික අවපාතයක සිටින බවක් එතරම් දැනෙන්නේ නැති බවත් ඔහු වැඩි දුර පෙන්වා දුන්නේය.

ආර්ථික අවපාතය කොපමණ කාලයක් පවතිනු ඇතිද?
මෙම ආර්ථික අවපාතයේ සුවිශේෂී තත්වයන් නිසා එය අනෙකුත් ආර්ථික අවපාතයන් තරම් දිගු කාලයක් නොපවතිනු ඇතැයි තමා අපේක්ෂා කරන බව Crestone Wealth Management හි ප්‍රධාන ආයෝජන නිලධාරියා වන Scott Haslem, SBS පුවත් සේවයට පැවසීය.
මෙය ඔස්ට්‍රේලියාව 1991 දී මුහුණ දුන් ආර්ථික අවපාතය හෝ 2008 - 09 කාලයේදී ලෝකය මුහුණ දුන් ආර්ථික අවපාතය හෝ මෙන් නොවන බව ඔහු පැවසුවේය.
මෙය හුදෙක් මානව ක්‍රියාකාරකම් නවත්වා දැමීමක් බවත් මේ වන විට පාරිභෝගිකයින්ගේ වියදම කිරීම් යම් මට්ටමකින් ඉහළ යන බවක් මේ වන විට පෙනෙන්නට ඇති බවත් Scott Haslem පැවසීය.
"එබැවින් මෙය අප කලින් දැක ඇති දෙයට වඩා ගැඹුරුයි. නමුත් මම හිතන්නේ අපි බොහෝ විට මේ වසරේ අවසාන භාගයේදී වෙනත් අවපාතයන්ට වඩා මෙයින් ඉක්මණින් එළියට එනු ඇති බවයි" යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.
මේ අතර ලොව අනෙක් රටවල් කොරෝනා වයිරසය සමග ගනුදෙනු කරන ආකාරය මත සංචාරක, විශ්ව විද්‍යාල වැනි ඇතැම් ක්ෂේත්‍ර වල ආර්ථිකය නැවත පනගැන්වීම තීරණය වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.


