දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ රටවල ප්‍රගති වාර්තාවේ ඔස්ට්‍රේලියාව පහළම මට්ටමේ සිටින බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Climate Change Performance Index (CCPI) නමැති දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව පහළම සිටින රටවල 6 අතරේ පසුවන බව සඳහන්.

Climate Change Performance Index (CCPI)
Climate Change Performance Index හෙවත් CCPI දර්ශකය සඳහා යුරෝපා සංගමය සහ තවත් රටවල 57 ක් සහභාගී කරගෙන තිබේ.
එහිදී ඒ ඒ රටවල කාබන් විමෝචනය, පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සහ දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති යන මිනුම් දඬු කෙරේ පූර්ණ අවධානය යොමුවී ඇත.
පසුගිය දෙසැම්බර් 13 වන දිනෙන් අවසන් වූ ස්පාඤ්ඤයේ Madrid පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම දර්ශකය පිළිබඳ අනාවරණය කෙරිණි.

ඔස්ට්‍රේලියාව පහළම අඩියට
Climate Change Performance Index හෙවත් CCPI දර්ශකයට අනුව පහළම අඩියේ සිටින රටවල 6 ලෙස ඔස්ට්‍රේලියාව, සෞදි අරාබියාව, ඇමෙරිකාව, ඉරානය, දකුණු කොරියාව සහ චීන තායිපේ වාර්තා වේ.
රටවල 61 ක පූර්ණ ලැයිස්තුවෙන් ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 56 වන ස්ථානය වේ.
පසුගිය වසරේ මෙම දර්ශකයේ ඔස්ට්‍රේලියාව පසුවූයේ 55 වන ස්ථානයේය.
හරිතාගාර වායු විමෝචනය ඔස්ට්‍රේලියාවේ 40% ක මට්ටමේ පවතින බවත් එය ශ්‍රේණිගත කිරීම අනුව Low ඛාණ්ඩය යටතට දමා ඇති බවත් වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සම්බන්ධව ද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශතය 20% ක්ය. එයද Low ඛාණ්ඩය යටතට දමා ඇත.
එමෙන්ම දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව ඔස්ට්‍රේලියාව ඉතා දුර්වල මට්ටමක පසුවෙයි.
එය ප්‍රතිශතයක් ලෙස 20% ක් වන අතර Very Low ඛාණ්ඩය යටතට දමා ඇත.
කෙසේවෙතත්, වසර 2030 වන විට ඔස්ට්‍රේලියාව සිය කාබන් විමෝචනය 26% කින් පහත හෙළීමට පොරොන්දු වී තිබේ.

දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ ලොව ඉදිරියෙන්ම සිටින රටවල
Climate Change Performance Index හෙවත් CCPI දර්ශකයේ පළමු ස්ථාන ත්‍රිත්වයට කිසිදු රටක් පත්වී නොමැති අතර සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ ස්වීඩනයයි.
ඩෙන්මාර්කය, මොරොක්කෝව, එක්සත් රාජධානිය, පිළිවෙලින් 5,6 සහ 7 වන ස්ථාන වලට තේරී පත්වී තිබේ.
ඉන්දියාව මෙම දර්ශකයේ 9 වන ස්ථානයට පත්ව තිබේ.


