දේශගුණික විපර්යාසය මැඩලීම සඳහා වහා පියවරගත යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බල කරමින් ඊයේ සිඩ්නි නුවරදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට ඇතිවී ඇති ලැව් ගිනි මෙන්ම ඒ ආශ්‍රිතව අතුරු ඵලයක් ලෙස සිඩ්නි පහළ වායු ගෝලයේ බැදී ඇති දුමාර පටලය නිසා සිඩ්නි වැසියන්ට හටගෙන ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව ද එහිදී විශාල වශයෙන් මධ්‍යම රජයට චෝදනා එල්ල විය.

Source: sam langfor
සිඩ්නි විරෝධතාව
මෙම උද්ඝෝෂණය සිඩ්නි නගර ශාලාව අභියසදී පැවති අතර ඒ සඳහා 7,500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ බව වාර්තා වේ.
සිඩ්නි නගරයේ වායු ගෝලයේ ඇති දුමාර තත්ත්වයෙන් ඇතිවීමට හැකි සෞඛ්‍ය ගැටළු නිරූපණය කිරීම සඳහා ඇතැම් විරෝධතාකරුවෝ ව්‍යාජ මුඛවාඩම් (face masks) පැළඳ සිටියහ.
අනෙක් පිරිස දේශගුණික විපර්යාසය, ලැව් ගිනි සහ ඔස්ට්‍රේලියානු මෙන්ම නිව් සවුත් වේල්ස් රජයන් විවේචනය කරමින් විවිධ වැකි ලියු පුවරු අතදරා සිටියේය.
මේ අතර සිඩ්නි නුවර ඇති ඝන දුමාරයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය අඟහරුවාදා සිඩ්නි නුවර සේවා ස්ථාන වල Smoke alarms නාදවූ අතර එම අවස්ථාවේදී සේවා ස්ථාන සිටි සියලු දෙනා ආරක්ෂක පියවර අනුගමනය කරමින් තම ස්ථාන වලින් පිටව ආරක්‍ෂිත ස්ථාන කරා පැමිණි බව වාර්තා වේ.

Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල තවමත් සක්‍රියව පවතින ලැව්ගිනි සංඛ්‍යාව 80 කට අධික බව වාර්තා වේ.
එමෙන්ම මේ සතියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් කලාප වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ යන බවටද අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
අද වන විට ප්‍රාන්තයේ දකුණු Glen Innes ප්‍රදේශයට ලැව් ගිනි ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම Crown Mountain බටහිර සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී ඇති ලැව් ගිනි වර්ධනය විය හැකි බවටද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවාව පවසයි.
මෙම ලැව් ගිනි නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස 720 කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති බවද වාර්තා වේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයඹ දිග කලාපයේ මෙන්ම northern slopes සහ central ranges යන කලාප සඳහා අද දිනයේ Total fire ban හෙවත් එළිමහනේ ගිනි ඇවිලීම සපුරා තහනම් තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

Source: AAP
සිඩ්නි නගරයේ දුමාර පටලය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි ඇතිවීමෙන් පසුව සිඩ්නි නගරයේ පහළ වායු ගෝලයේ දුමාර පටලයක් බැදී ඇති බවට වාර්තා විය.
මෙය පසුගිය සති කිහිපය පුරාවටම පැවත එමින් පවතියි.
මේ හේතුවෙන් ශ්වසන ආබාධ ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටළු සඳහා සිඩ්නි වැසියන් මුහුණ පාමින් සිටින බවත් පසුගිය සතියේදී රෝහල් හදිසි ප්‍රතිකාර අංශ සඳහා සෞඛ්‍ය සේවා ලබාගැනීමට පැමිණි පිරිස 25% කින් පමණ වර්ධනය වී ඇති බවත් වාර්තා වේ.
ලැව් ගිනි පිළිබඳ මෙන්ම මෙම දුමාරය පිළිබඳවද සිඩ්නි වැසියන් මහත් කලබලයට සහ භීතියට පත් කර ඇති ආකාරයක් ඊයේ පැවති දැවැන්ත උද්ඝෝෂණය ඔස්සේ මනාව නිරූපණය විය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ සම්බන්ධව කිසිදු පියවරක් ගන්නා බව තමන්ට නොපෙනෙන බව එහිදී බොහෝ දෙනෙකු පැවසුහ.
තමන්ගේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා තමාට පාරට බැස උද්ඝෝෂණ කිරීමට සිදුවනු ඇතැයි තමන් කිසිදු ලෙසක නොසිතු බව උද්ඝෝෂණයට පැමිණි Patrick Cullen නැමති සිඩ්නි වැසියා SBS පුවත් සේවයට පැවසීය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ලැව් ගිනි වලින් මේ වන විට පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස 720 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

Source: Evan Young
එමෙන්ම හෙක්ටයාර මිලියන 3ක් පමණවූ භූමි ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී ඇති බවත් ඔස්ට්‍රේලියවටම ආවේණික සත්ත්වයෙකු වූ කෝලාවරුන් විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් මියගොස් ඇති බවත් සඳහන්.

Source: SBS Sinhala