ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහාවූ National Disability Insurance Scheme වැඩසටහන වහාම වෙනස් කළ යුතු බවට නිර්දේශ 14 ක් (SBS සිංහල/ වාර්තා)

National Disability Insurance Scheme

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහාවූ National Disability Insurance Scheme (NDIS) හෙවත් ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන වහාම වැඩිදියුණු කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ද්වි පාර්ශවික කමිටුව තීරණය කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

සදාකාලික හෝ බරපතල මට්ටමේ ආබාධිත තත්ත්වයින්ට මුහුණ පා සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතය යහපත් කරගැනීමට අවශ්‍ය සහය සඳහා පූර්ණ මුල්‍ය උපකාරය කිරීමට මෙම ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන හරහා සිදු කෙරේ.
National Disability Insurance Scheme
Source: Getty Images

පාර්ලිමේන්තු කමිටුවෙන් නිර්දේශ 14 ක්

ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන වහාම වැඩිදියුණු කළ යුතු බවට පවසමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ද්වි පාර්ශවික කමිටුව නිර්දේශ 14 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහනේ සැලසුම් ක්‍රියාවලිය වඩා ඉහළ මට්ටමින් සිදුකරන්නේ කෙසේද යන්න සහ එය මෙහෙයවන National Disability Insurance Agency (NDIA) ආයතනයේ කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධව මෙම නිර්දේශ සකස් කර ඇත.

එහිදී ආබධිත පුද්ගලයින්ව සාර්ථකව පාලනය කළ හැකි ආකාරය පිළිබඳ මෙහිදී මූලික අවධානය යොමු කළ යුතු බව මෙම පාර්ලිමේන්තු ද්වි පාර්ශවික කමිටුවේ සභාපති Kevin Andrews පැවසුවේය.

මෙම ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහනේ දී සංකීර්ණ සහයෝගය අවශ්‍ය ළමුන් සඳහා ප්‍රමුඛත්වය හිමිවිය යුතු බව ඔහු අවධාරණය කළේය.

ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන පමණට වඩා සංකීර්ණ බවත් නිලධාරිවාදී බවත් ඔහු පැහැදිලි කළේය.
National Disability Insurance Scheme
Source: AAP

වැඩසටහනේ අභියෝග

ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන සම්බන්ධ මහජන අදහස් විමසුමේදී අදාළ පාර්ලිමේන්තු කමිටුවට දැනගැනීමට හැකිවුයේ මෙම සංකීර්ණ වැඩසටහන පරිහරණය කිරීමේදී සන්නිවේදන ගැටළු බහුලව ඇතිවන බවත් ඒවා විසඳා ගත යුතු බවත්ය.

පාර්ලිමේන්තුව කමිටුව ඉදිරිපත් කළ එක් නිර්දේශයකට අනුව අදාළ ආබාධිත පුද්ගලයාට සහය සේවා සැපයීමේදී අවසන් සැලසුම් වාර්තාවක් එවීමට පෙර එම සැලසුමේ කෙටුම්පතක් එවීම සිදු කරන බව ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන සම්බන්ධ කම්කරු පක්ෂයේ නියෝජිත Bill Shorten පැවසීය.

ඒ අනුව අදාළ පවුලේ උදවියට එහි යම් සංශෝධන කිරීමට අවැසි නම් ඒවා සිදුකර අවසන් වාර්තාවට යා හැකි බව ඔහු පැහැදිලි කළේය.

එමන්ම ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන හා සම්බන්ධ පුද්ගලයින්ට තමන්ගේ සැලසුමේ කොටස් සමාලෝචනය කිරීමට අවස්ථාව ලැබෙන අතර ඇතැම් අවස්ථා වලදී ඒවා වෙනස් කිරීමටද අවස්ථාව සැලසේ.

ඊට අමතරව ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන හා සම්බන්ධ පුද්ගලයින්ගේ ඉල්ලීම මත දින 45 ක් ඇතුළත ඔවුන්ගේ රක්ෂණ සැලැස්ම පූර්ණ සමාලෝචනයක් සිදු කළ යුතු බවට තවත් නිර්දේශයක් ඉදිරිපත් වී ඇත.

ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන සම්බන්ධ තවත් මහජන මත විමසුම් ලබන වසරේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
National Disability Insurance Scheme
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහාවූ National Disability Insurance Scheme වැඩසටහන වහාම වෙනස් කළ යුතු බවට නිර්දේශ 14 ක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala