SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දියේ ගිලී මරණයට පත්වන සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළම අගයට (SBS සිංහල/ වාර්තා)

Drowning
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දියේ ගිලී මරණයට පත්වන සංඛ්‍යාව පසුගිය 20 වසර තුළ මෙවර ඉහළම අගයට පැමිණ ඇතැයි වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

Life Saving Victoria හි නවතම දියේ ගිලීම් වාර්තාවට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

Drowning
Source: Pixabay

2018-19 වසරේ දියේ ගිලී මරණයට පත්වීම්

2018-19 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ දියේ ගිලී මරණයට පත්වීම් 56 ක් තමන් වෙත වාර්තා වූ බව Life Saving Victoria ආයතනය පවසයි.

මෙය පසුගිය දශක දෙක තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම දියේ ගිලීම් මරණ සංඛ්‍යාව වේ.

මෙලෙස දියේ ගිලී මියයන පිරිසෙන් බහුතරයක් වැඩිහිටියන් බවත් ඔවුන්ගේ ප්‍රමාණය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

2018-19 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් දියේ ගිලී මරණයට පත්වීම් 71% කින් ඉහළ ගොස් ඇතැයිද ඔවුන් පවසයි.

එමෙන්ම සියලු වයස් ඛාණ්ඩ හා සසඳන කල වයස අවුරුදු 45-64 පසුවන පිරිස් දියේ ගිලී මරණයට පත්වීම් ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇති බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

Drowning
Source: AAP

වාර්තාවේ සාරාංශය

2018-19 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවූ දියේ ගිලීම් මරණ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් (46%) සිදුව ඇත්තේ ග්‍රීෂ්ම සමයේදීය.

පසුගිය වසරේ සිදුවූ මරණ වලින් තුනෙන් දෙකක්ම සිදුව ඇත්තේ වසන්ත සහ ග්‍රීෂ්ම සෘතු වලය.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවූ දියේ ගිලීම් මරණ වලින් පහෙන් හතරක්ම මුහුණ දී ඇත්තේ පිරිමින්ය.

වික්ටෝරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර ජලාශ වල දියේ ගිලීම් මරණ 49% කින් ඉහළ ගොස් ඇත.

මුහුද ආශ්‍රිත ගිලීම් මරණ 46% කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ දියේ ගිලී මරණයට පත්වූ පිරිස අතරින් 18% ක්ම බහු සංස්කෘතික පසුබිමකින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණික ජනතාවය.

පිහිනීමක් සිදු නොකර ජලය සමීපයේ ක්‍රීඩා කළ හෝ ඇවිද ගිය පිරිස් ජලයට බිලිවීමේ ප්‍රතිශතය පසුගිය වසරේදී 68% කින් ඉහළ ගොස් ඇත.

Drowning
Source: Flickr

ගත යුතු පියවර

Life Saving Victoria හි නවතම දියේ ගිලීම් වාර්තාවේ දත්ත ඉතා බරපතල බව Life Saving Victoria හි වෛද්‍ය Bernadette Matthews, ABC පුවත් සේවයට පැවසීය.

දියේ ගිලීම් සහ ජලය ආශ්‍රිත අවදානම් ක්‍රියා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට නා නා විධ දැනුවත් කිරීමේ වැඩසටහන් අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක කළද ජනතාව ඒවා පිළිබඳ සැලකිල්ලක් දක්වා නොමැති බව මෙයින් පෙනී යයි.

එනිසා වෙන් කළ කලාප වල පමණක් පිහිනීමට වග බලාගැනීම, සැමවිටම සංඥා පුවරු අනුව හැසිරීම වැනි උපදෙස් අනුගමනය කිරීමට වගබලාගත යුතු බව ඔහු අවධාරණය කරයි.

දියේ ගිලීම් නිසා ඇතිවන මරණ වැළක්වීමට Life Saving Victoria ආයතනය නව ක්‍රියා මාර්ග කිහිපයක්ම ගැනීමට සූදානම් වේ.

ඒ අතරින් ඩ්‍රෝන් යානා යොදාගනිමින් දියේ ගිලීම් ඉක්මණින් නිරීක්ෂණය කිරීම සහ jet ski ජීවිතාරක්ෂක සේවාවන් වැඩි දියුණු කිරීම ප්‍රධාන වේ.

Drowning
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now