ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වලදී ජාත්‍යන්තර සිසුන්ව දැඩි සූරා කෑමකට ලක්වන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Students

Source: AAP

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් නවාතැන් ගෙන සිටින කුලී නිවාස වල නිවෙස් හිමිකරුවන් විසින් සූරාකෑමට ලක්වන බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වර්තමානය වන විට ඔස්ට්‍රේලියානු කුලී නිවාස වෙළෙඳපොළේ ජාත්‍යන්තර සිසුන් අධික ලෙස සූරාකෑමකට ලක්වන බවට මෙහිදී විශේෂ තොරතුරු අනාවරණය වී ඇත.

International students
Source: AAP

ඔස්ට්‍රේලියානු කුලී නිවාස වෙළෙඳපොළේ ජාත්‍යන්තර සිසුන්ව සූරාකෑම

නිව් සවුත් වේල්ස් සහ සිඩ්නි විශ්ව විද්‍යාල මගින් මෙම අධ්‍යනය සිදුකර තිබේ.

එහිදී ඔවුන් ජාත්‍යන්තර සිසුන් 2,400 කට අධික පිරිසකගෙන් ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ අත්දැකීම් සම්බන්ධයෙන් විමසා සිටියේය.

ලද ප්‍රතිචාර අනුව බහුතරයක් ජාත්‍යන්තර සිසුන් තම වාසස්ථාන වලදී ඉතා අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන බව හෙළිවිය.

Shared housing හෙවත් හවුලේ නිවාසයක වාසය කරන ජාත්‍යන්තර සිසුන් වැඩිපුර සූරාකෑමට ලක්වන බව එහිදී අනාවරණය විය.

විශේෂයෙන්ම තමන්ගේ විභාග කාල සමයේදී නිවාස කුලිය දෙගුණයක් කරන බව බොහෝ ජාත්‍යන්තර සිසුන් දැනුම් දී ඇත.

මේ අතර නිවාස හිමියන් විසින් ජාත්‍යන්තර සිසුන්ව බියගැන්වීම, විවිධ වූ අඩන්තේට්ටන් කිරීම සහ අසාධාරණ ලෙස වාසස්ථාන වලින් නෙරපීම වැනි ක්‍රියා සිදු කරන බවට ද මෙම අධ්‍යනයේදී පැමිණිලි ලැබී තිබේ.

බොහෝ විට තමන් ගෙවන මුදලට සරිලන ආකාරයේ නවාතැන් පහසුකම් තමන්ට නොලැබෙන බවද බොහෝ ජාත්‍යන්තර සිසුන් එහිදී අදහස් දක්වා තිබුණි.

International students
Source: SBS

ප්‍රශ්න වලට මූලික හේතු

මෙවැනි නවතන් පහසුකම් සහ කුලී නිවාස සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන බොහෝ ජාත්‍යන්තර සිසුන් සිය වාසස්ථාන සොයාගනු ලබන්නේ සමාජ මාධ්‍ය ජාල මගින් හෝ Gumtree හෝ Flatmates යන වෙබ් අඩවි හරහා බව මෙම අධ්‍යනයේ සම කර්තෘ Bassina Farbenblum පැවසුවාය.

ඒවා හරහා බොහෝ ජාත්‍යන්තර සිසුන් shared housing හෙවත් හවුලේ වාසය කිරීමට නිවසක් සොයාගන්නා බවත් මෙම ප්‍රශ්න බහුතරයක් මතුවන්නේ එවැනි පරිසරයකදී බවත් ඇය පැවසුවාය.

මේ හේතුවෙන් shared housing පහසුකම් සපයන වෙබ් අඩවි සහ අනෙකුත් සැපයුම්කරුවන් හට නව නීති පනවා ඒවා නියමාකාරයෙන් නියාමනය කරන ලෙස Bassina Farbenblum ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඇතැම් නිවෙස් හිමියන් දිගින් දිගටම තම කුලී නිවැසියන් ලෙස සිටින ජාත්‍යන්තර සිසුන්ව සූරා කන බවත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත් ඇය ඉල්ලා සිටියි.

International students
Source: AAP

අධ්‍යනයේ නිර්දේශ

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හට වඩා හොඳ නවාතැන් පහසුකම් සැපයීමේ සේවාවක් ස්ථාපිත කළ යුතු බව මෙම අධ්‍යන වාර්තාව නිර්දේශ කර තිබේ.

ජාත්‍යන්තර සිසුන් හට ඔස්ට්‍රේලියාවේ නවාතැන් පහසුකම් සොයාගැනීමේදී අදාළ විශ්ව විද්‍යාල මෙන්ම රජයද ඒ සඳහා මැදිහත්වී ඔවුන්ට සුදුසු නවාතැන් පහසුකම් සොයාගැනීමට මග සලසා දීය යුතු බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

තම වාසස්ථාන වලදී සූරාකෑමට ලක්වන ජාත්‍යන්තර සිසුන් මානසිකව, ශාරීරිකව සහ ආර්ථිකව දරුණු ලෙස කඩා වැටෙන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඇතැම් කුලී නිවාස හෝ වාසස්ථාන වලට ජාත්‍යන්තර සිසුන් ගෙවනු ලබන කුලියට සරිලන පහසුකම් නොලැබෙන බවත් එම නිවෙස් හිමියන්ගේ අනේක විධ බලපෑම් වලට යටත් වී ඔවුන්ට වාසය කිරීමට සිදුවන බවත් බහුතරයක් ජාත්‍යන්තර සිසුන් හෙළිකර තිබේ.

කෙසේනමුත් යම් නවාතැනක් කුලී පදනම මත ජාත්‍යන්තර සිසුවෙකු ලබගන්නවානම් එය ලිඛිතව ලබාගැනීම වඩා යෝග්‍ය බවත් තමන් යම් ආසාධාරණ සූරාකෑමකට ලක්වන්නේ නම් අදාළ ප්‍රාන්තයේ කුලී නිවාස අධිකාරියට පැමිණිලි කිරීමට ජාත්‍යන්තර සිසුන් හට පූර්ණ අයිතිය ඇති බවත් වාර්තා වේ.

International students
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now