ප්‍රාථමික සහ ද්විතීක පාසල් වලට වඩාත් පහසුවෙන් පිවිසිය හැකි මෙල්බර්න් නුවර හොඳම උප නගර 10

Melbourne’s best suburbs for access to primary and secondary schools

Source: Pixabay

පදිංචිය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමේදී විවිධ වූ සාධක පිළිබඳ සොයා බැලීම ඕනෑම රටක පුද්ගලයින් සිදුකරන පූර්ව කටයුත්තකි.

පොදු ප්‍රවාහන සේවා, පාසල්, රෝහල්, රැකියා ස්ථාන, සාප්පු වැනි සේවා ලබාගැනීමට ඇති දුර අනුව එය බොහෝ දුරට තීරණය වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පාසල් වලට වඩාත් පහසු දුරකින් පිහිටි මෙල්බර්න් නුවර උප නගර පිළිබඳ හෙළිදරව්වක් පසුගියදා Deloitte Access Economics සහ Tract Consultants ආයතන විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය කරනු ලැබීය.

Melbourne’s best suburbs for access to primary and secondary schools
Source: Flickr

පාසල් වලට වඩාත් පහසු දුරකින් පිහිටි මෙල්බර්න් නුවර උප නගර

Deloitte Access Economics සහ Tract Consultants ආයතන විසින් සිදුකළ මෙම සමීක්ෂණයෙන් ප්‍රාථමික සහ ද්විතීක පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි මෙල්බර්න් කලාපයේ උප නගර වෙත අවධානය යොමු විය.

එහිදී එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබු උප නගරය වුයේ Fitzroy North ය.

එමෙන්ම Travancore දෙවැනි ස්ථානයටත් Croydon තුන්වන ස්ථානයටත් පත්වී ඇත.

ප්‍රාථමික සහ ද්විතීක පාසල් වෙන වෙනම ගත් කළ ඒවාට පහසුවෙන් පිවිසීමට හැකි උප නගර වෙන වෙනම ඔවුන් ඉදිරිපත් කර තිබුණි.

උදාහරණයක් ලෙස ප්‍රාථමික පාසල් සඳහා හොඳම උප නගරය බවට  Fitzroy North පත්වන විට ද්විතීක පාසල් සඳහා හොඳම උප නගරය බවට පත්වුයේ Lalor ය.

එමෙන්ම ප්‍රාථමික පාසල් සඳහා හොඳම උප නගර ලෙස Thomastown, Moorabbin, Middle Park සහ Sunshine West හඳුනාගෙන තිබේ.

මේ අතර McKinnon, Princes Hill සහ Clayton ද්විතීක පාසල් සඳහා හොඳම උප නගර අතරට එක්වී ඇත.

Melbourne’s best suburbs for access to primary and secondary schools
Source: AAP

පාසල් වලට වඩාත් පහසුවෙන් පිවිසිය හැකි මෙල්බර්න් නුවර හොඳම උප නගර 10

  1. Fitzroy North
  2. Travancore
  3. Croydon
  4. Delahey
  5. Collingwood
  6. Caroline Springs
  7. Lalor
  8. Beaumaris
  9. Fitzroy
  10. Kings Park
Melbourne’s best suburbs for access to primary and secondary schools
School Source: Flickr

නිර්ණායක

සාමාන්‍යයෙන් පදිංචියට යම් ප්‍රදේශයක් තෝරා ගැනීමේදී ඕනෑම පුද්ගලයෙකු ප්‍රධාන සාධක කිහිපයක් වෙත අවධානය යොමු කරන බව අපි පෙරාතුව පැවසුවෙමු.

ඒ අනුව පාසල් වලට වඩාත් පහසුවෙන් පිවිසිය හැකි මෙල්බර්න් නුවර හොඳම උප නගර තෝරා ගැනීමේදී Deloitte Access Economics සහ Tract Consultants ආයතන මෙල්බර්න් උප නගර 307 ක් පිළිබඳ අවධානය යොමු කර තිබුණි.

එහිදී මෙම සමීක්ෂණය සඳහා නිර්ණායක 17 ක් පිළිබඳ ඔවුහු අවධානය යොමු කළහ.

ඒ අතරින් ප්‍රධාන නිර්ණායකයක් වුයේ ප්‍රාථමික සහ ද්විතීක පාසල් වෙත ඇති දුර ප්‍රමාණය බව සඳහන්.

වඩාත් සුවපහසු සහ කාර්යක්ෂම ජීවිතයක් ගත කිරීම සඳහා තම නිවසේ සිට ආසන්නතම පාසල වෙත ගමන් කිරීමට ගතවන කාලය අතිශය වැදගත් බව මෙම සමීක්ෂණයේ ප්‍රධාන කර්තෘවරයෙකු වන Deloitte Access Economics හි Daniel Terrill පැවසීය.

Melbourne’s best suburbs for access to primary and secondary schools
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now