මෙල්බර්න් නුවර කාර්ය බහුලම මාර්ග 4කට ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අතුරයි

Four Melbourne roads are being paved with recycled plastics

Source: Flickr

මෙල්බර්න් නුවර කාර්ය බහුලම මාර්ග 4 කට ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අතුරා සකස් කිරීමට මෙල්බර්න් නගර සභාව කටයුතු කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පරිසර හිතකාමීත්වය උදෙසා මෙම පියවර ගැනීමට අදහස් කළ බව ඔවුහු පවසති.

Four Melbourne roads are being paved with recycled plastics
Source: Flickr

ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අතුරන මාර්ග

සාමාන්‍යයෙන් මාර්ගයක් සැකසීමේදී හෝ පිළිසකර කිරීමේදී මාර්ගය යටට පිරවීමට පස් සහ landfill ද්‍රව්‍ය යොදා ගනී.

නමුත් එම ක්‍රමය වෙනස් කරමින් මෙල්බර්න් නුවර කාර්ය බහුලම මාර්ග 4 කට ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් යොදාගැනීමට මෙල්බර්න් නගර සභාව තීරණය කර ඇත.

එම මාර්ග හතර පහත පරිදි වේ.

  • Anderson Street
  • South Yarra හි Alexandra Avenue
  • Flinders Street
  • Spring Street
Four Melbourne roads are being paved with recycled plastics
Source: Flickr

යොදාගන්නා ද්‍රව්‍ය

මේ සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඝන ප්ලාස්ටික් 50% ක් යොදාගන්නා බව සඳහන්.

එහිදී මෝටර් රථ වල ඉවත දැමූ පැරණි bumper bars ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නා බව වාර්තා වේ.

ඉතිරි කොටස අනෙකුත් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් යොදාගනිමින් පිරවීමට අපේක්ෂිත බව ද වාර්තා වේ.

Flinders Street, Alexandra Avenue සහ Anderson Street හි ඇතැම් කොටස් මේ වන විටත් මෙම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් පුරවා සකස් කර ඇති බව සඳහන්.

එමෙන්ම ලබන වසරේදී Spring Street හි එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතය.

මෙය අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර සාර්ථක වුවහොත් අනෙකුත් මාර්ග සඳහා ද මෙය හඳුන්වා දීමට බලධාරීහු බලාපොරොත්තු වෙති.

එමෙන්ම ඝන ප්ලාස්ටික වෙනුවට මෘදු ප්ලාස්ටික යොදාගැනීමටද පර්යේෂණ කරන බව ඔවුහු පැහැදිලි කරති.

සෑම වසරකම මෙල්බර්න් නගර වාසීන්ගෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ටොන් 11,000 ක් පමණ මෙල්බර්න් නගර සභාව එකතු කරන බව පැවසෙයි.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ සඳහා විසඳුමක් සොයාගැනීමට වික්ටෝරියානු ප්‍රාන්තයට තවමත් අපහසුවී ඇති අතර එනිසාම බොහෝ නගර සභා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය landfill කසළ ලෙස බැහැර කරන බවද වාර්තා වේ.

Four Melbourne roads are being paved with recycled plastics
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now