SKIP TO MAIN CONTENT

සිඩ්නි, මෙල්බර්න් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර බොහොමයකම නිවාස මිල ඉහළට (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර බොහොමයකම නිවාස මිල ඉහළ යමින් පවතින බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව පසුගිය මාස 19 ඇතුළත වාර්තාවූ ඉහළම සාමාන්‍ය මධ්‍යන නිවාස මිල වර්ධනය මේ වන විට වාර්තා වී තිබේ.

Australian Housing Market
Source: AAP

නිවාස මිල ඉහළට

2019 ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් නිවාස මිල ඉහල නැගුම 1.7% කින් වර්ධනය වී ඇති බව CoreLogic home value දර්ශකය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇති කාලයක මෙවැනි ආකාරයේ නිවාස මිල ගණන් ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළේ ධනාත්මක භාවය පෙන්නුම් කෙරෙන ප්‍රබල සාධකයක් බව නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

2018 අප්‍රේල් මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල අගය ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව CoreLogic ආයතනයේ පර්යේෂණ ප්‍රධානී Tim Lawless, ABC පුවත් සේවයට පැවසීය.

පසුගිය කාලයේ තුන්වරක් පොළී අනුපාතික 0.25% බැගින් කප්පාදු කිරීම සහ එය මේ වන විට 0.75% මට්ටමේ තිබීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව ආදායම් බදු පිළිබඳවූ අස්ථිර වාතාවරණය දුරු කිරීම තවත් හේතුවක් බව CoreLogic ආයතනයේ පර්යේෂණ ප්‍රධානී Tim Lawless පැවසීය.

Australian Housing Market
What are the opportunities and benefits provided to home buyers in Australia by this Federal Budget? Source: AAP

ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් ඉහළ යාම

2019 වසරේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් නිවාස මිල ගණන් ඉහළ ගිය ප්‍රතිශතය 1.7% ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් ඉහළ ගිය අයුරු පහත පරිදිවේ.

සිඩ්නි - 2.7%

මෙල්බර්න් - 2.2%

බ්‍රිස්බේන් - 0.8%

ඇඩිලේඩ් - 0.5%

පර්ත් - 0.4%

හෝබාර්ට් - 2.3%

කැන්බරා - 1.6%

Australian Housing Market
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now