ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා නව සංශෝධනයක් (SBS සිංහල/වාර්තා)

NSW Skilled Nominated visa

Representational image Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Nominated visa හෙවත් 190 වීසා වැඩසටහනේ ප්‍රධාන සංශෝධනයක් සිදුකර තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙම නව සංශෝධනය 2020 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටුයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

NSW Skilled Nominated visa
Source: Facebook

2020 ජනවාරි සංශෝධනය

2020 ජනවාරි මස පටන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරටරියක ජීවත්වන පුද්ගලයෙකු හට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මගින් 190 වීසා සඳහා නිර්දේශ ලබා නොදෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටුයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ සුදුසුකම් සහ ලකුණු සපුරා ඇත්නම් ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක හෝ ටෙරටරියක ජීවත්වන පුද්ගලයෙකු හට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Nominated visa හෙවත් 190 වීසා වැඩසටහන සඳහා අයදුම් කිරීමට මේ වන විට හැකියාව ලැබේ.

මෙම 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහාවූ වීසා උප ඛාණ්ඩයකි.

කෙසේවෙතත්, 2020 ජනවාරි සිට ඔබ ඔස්ට්‍රේලියාව තුළ සිට මේ සඳහා අයදුම් කරනවානම් ඔබ අනිවාර්යෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන බවට සාක්ෂි සැපයිය යුතු බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටුයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා ලැබෙන Expression of Interest හෙවත් EOI ප්‍රමාණය අනුව මෙම තීරණය වෙනස් වීමට ඉඩ ඇති බවද සඳහන්.

NSW Skilled Nominated visa
Source: Getty Images

ආරාධනා පත්‍ර වට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා තෝරාගත් අයදුම්කරුවන්ට, ආරාධනා පත්‍ර වට ඔස්සේ 190 වීසා උප ඛාණ්ඩයට අයදුම් කිරීමට ආරාධනා කරන බව පැවසේ.

නමුත් එම ආරාධනා පත්‍ර ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත දිනයක් පැවසීමට නොහැකි බවද බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටුයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

එනිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන පිළිබඳව පමණක් අවධානය යොමු නොකර අනෙකුත් නිපුණතා සංක්‍රමණික වැඩසටහන් පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස ඔවුහු අයදුම්කරුවන්ට පවසති.

NSW Skilled Nominated visa
Source: Getty Images

නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ජාතික මට්ටමේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අමතරව විවිධ ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින්ද ඒ ඒ රජයන් නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ජාතික මට්ටමේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ට අනුකූලව අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමෙන් ඔබට 189 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි අතර ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි රජයන්ගේ නිර්දේශ මත 190 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකිය.

එලෙස ප්‍රාන්ත හා ටෙරටරි රජයන්ගේ නිර්දේශ මත 190 වීසා උප ඛාණ්ඩය හරහා ක්‍රියාත්මක වන ජනප්‍රියතම සහ විශාලතම නිපුණතා සංක්‍රමණික වැඩසටහන ලෙස නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන හැඳින්වේ.

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.

NSW Skilled Nominated visa
Source: Getty Images

අයදුම් කරන අයුරු

ඔබ නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන සඳහා අයදුම් කිරීමට ප්‍රථම ඒ සඳහා සුදුසුදැයි පරීක්ෂා කර බැලිය යුතු වේ.

එය ඔබට මෙම වෙබ් පිටුව හරහා සිදුකරගත හැකිය.

ඔබ ඊට සුදුසුනම් ඔබ පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ SkillSelect යොමුව හරහා expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතුය.

එහිදී ඔබ අයදුම් කරන ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තෝරාගත යුතුය.

ඔබේ EOI එක යොමු කිරීමෙන් අනතුරුව ඔබගේ ලකුණු මට්ටම සලකා බලා තෝරාගතහොත් පමණක් ඔබට ආරධනා පත්‍රයක් නිකුත් කෙරේ.

ඉන් අනතුරුව ඔබට 190 වීසා උප ඛාණ්ඩය සඳහා අයදුම් කළ හැකිවේ.

NSW Skilled Nominated visa
Source: SBS Sinhala


3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now