වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති වේග සීමා කැමරා (speed cameras) ආසන්නයේ සිට රියදුරන් හට වේගය සීමා කරන ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා ලබා දීමට වික්ටෝරියානු පොලීසිය ලබන සඳුදා (16/12) සූදානම් වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
තම වැටුප් වර්ධනය බලධාරීන් විසින් නොතැකීම නිසා ගන්නා වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලෙස වික්ටෝරියානු පොලීසිය මෙම ක්‍රියාව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

වේග සීමා කැමරා ආසන්නයේ සිට පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා
වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති වේග සීමා කැමරා ආසන්නයේ සිට මෙලෙස එම මාර්ග හරහා ගමන් කරන රියදුරන්ට පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා ලබාදීමෙන් එම වේග සීමා කැමරා වලට හසුවන රියදුරන් ප්‍රමාණය අඩුවන බව වික්ටෝරියානු පොලීසිය විශ්වාස කරයි.
ඒ අනුව එම වේග සීමා කැමරා වලින් ප්‍රාන්ත රජයට ලැබෙන ආදායම අඩු කිරීමට මේ ක්‍රියාව හරහා වික්ටෝරියානු පොලීසිය අපේක්ෂා කරන බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
තමන් හට 4% ක වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙස වික්ටෝරියානු පොලීසිය දිගින් දිගටම වික්ටෝරියානු ප්‍රාන්ත රජෙයෙන් ඉල්ලීම් සිදුකර ඇති නමුත් ඒ පිළිබද සැලකිල්ලක් නොදක්වන නිසා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට යාමට ඔවුන් තීරණය කර තිබේ.
නමුත් තම රජය සියලු රාජ්‍ය අංශ වල සේවක වැටුප් 2% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසා ඇත.
ඒ අතරේ වික්ටෝරියානු පොලීසිය හට 4% ක වැටුප් වර්ධකයක් ලබා දුනහොත් අනෙකුත් රාජ්‍ය අංශ වල සේවකයින් හටද ඊට සමානව වැටුප් වර්ධක ලබා දිය යුතු බව ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.
නමුත් එසේ කළහොත් ප්‍රාන්ත අය වැය පාලනය කළ නොහැකිව විශාල අය වැය අර්බුදයකට මුල පුරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියානු පොලීසියේ වෘත්තීය ක්‍රියා මාර්ග
වික්ටෝරියානු පොලීසිය විසින් මෙවැනි වූ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගනු ලබන්නේ වසර 8 කට පසු වීම විශේෂත්වයකි.
වික්ටෝරියානු පොලීසිය අවසන් වරට වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ 2011 වසරේදීය.
ඒ අනුව ලබන සතියේදී පහත සඳහන් වෘත්තීය ක්‍රියා මාර්ග වික්ටෝරියානු පොලීසිය විසින් ආරම්භ කිරීමට සූදානම් වේ.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ fixed සහ mobile speed cameras ආසන්නයේ සිට වේග සීමා දඩ වලට හසු වීමට පෙර අදාළ රියදුරන්ට තම වේගය අඩු කරන ලෙස පූර්ව සංඥා නිකුත් කිරීම.
- නොගෙවන අතිකාල සේවා වල සේවයේ නොයෙදීම.
- මාසික වාර්තා සහ සංඛ්‍යා දත්ත පිළියෙළ කිරීම නතර කිරීම.
- වැටුප් වර්ධන ලබාගැනීමේ සටන සම්බන්ධව ලියු නොයෙක් වැකි තම පොලිස් රථ වල සහ පොලිස් ස්ථාන වල නිරූපණය කිරීම.
- පාසල් කලාප (school zones) වලදී ළමුන් හට පාර මාරු වීම සඳහා පොලීසිය උදව් කිරීම.


