සතිපතා සෑම ඔස්ට්‍රේලියානුවාසීන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම සමාජයේ discrimination හෙවත් වෙනස් කොට සැලකීම් වලට භාජනය වන බව නවතම වාර්තාවක් හෙළි කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානුවාසීන් 6000 කගේ අදහස් ලබාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ඔස්ට්‍රේලියාවේ වෙනස්කොට සැලකීම
මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මොනෑෂ් තිරසාර සංවර්ධනය පිළිබඳ ආයතනයේ BehaviourWorks Australia ව්‍යාපෘතිය මගින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
සතිපතා සෑම ඔස්ට්‍රේලියානුවාසීන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වෙනස් කොට සැලකීම් වලට භාජනය වන බවත් එහිදී ඔවුන්ට විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරන බවත් අඩු ගරු කිරීමක් ලැබෙන බවත් හෙළිවිය.
එම සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ බහුලවම වෙනස්කොට සැලකීම් වලට ලක්වන පිරිස් පහත පරිදි හඳුනාගෙන තිබේ.
- ආගමික සහ සුළු ජාතීන්
- ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්
ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව කෙරෙහි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25% ක්ම පූර්ව විනිශ්චයකට එළඹ කටයුතු කරන බව BehaviourWorks Australia හි මහාචාර්ය Liam Smith පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වෙනස්කොට සැලකීම නවත්වන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවේ වෙනස්කොට සැලකීම නැවත්වීම සඳහා සමාජයේ පුද්ගලයින් අතර ඇති අවබෝධය දියුණු කිරීමට අදාළ වැඩසටහන් සකස් කළ යුතු බවත් ඒවා සඳහා වැඩිපුර ආයෝජන වෙන් කළ යුතු බවත් Federation of Ethnic Communities' Councils of Australia (FECCA) සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසීය.
ලොව පවතින හොඳම බහු සංස්කෘතික රට ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වෙන නමුත් මෙවැනි අන්දමේ වෙනස්කොට සැලකීම් බහුල ලෙස අත්දකින්නට ලැබීමෙන් එම බහු සංස්කෘතිකත්වය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් හටගන්නා බව ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියානු සමාජය දෙස බැලූ කල පුද්ගලයින් අතර වෙනස්කම් වලට වඩා සමානකම් වැඩි බව අවබෝධ කරගත යුතු බව FECCA සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පෙන්වා දුන්නේය.
මෙම සමීක්ෂණයේදී යහපත් පැතිකඩක් පිළිබඳවද තොරතුරු ලැබුණු බව එහි සම කර්තෘ පර්යේෂක ආචාර්ය Kun Zhao පැවසීය.
සුළු ජනකොටස් වලට සහ අසාධාරණයට ලක්වන පිරිස් හට ස්වේච්ඡාවෙන් උපකාර කිරීමට තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන් කැමති බව මෙම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
ඒ අතර යම් පුද්ගලයෙකුට වෙනස්කොට සැලකීමක් දක්නට ලැබුණහොත් එය නතර කිරීමට පියවර ගන්නා බවට එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් අඩක් පමණ පවසා ඇත.


