SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලට රජය පනවපු අලුත්ම නීතිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මීට මාසයකට පමණ පෙර සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වන ගුවන් යානයක් උඩු ගුවනේදී පුපුරුවා හැරීමට තැත් කිරීමට ගත උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමත්වීමත් සමග මෙසේ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වල ආරක්ෂක තත්ත්වයන් දැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

New security measures for All Airports
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වලට නව ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොළකම සේවය කරන ගමන් මළු හසුරවන්නන් (Baggage handlers), ආහාර සපයන්නන් (caterers), ඉංජිනේරුවන් සහ නඩත්තු සේවකයින් අහඹු ලෙස පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ආරක්ෂක ක්‍රියාවලියකට හසු කිරීමට රජය අපේක්ෂා කරයි.

ටර්න්බුල් රජය මේ බව අද (22/10) දිනයේ නිල වශයෙන් නිවේදනය කළේය.

මීට මාසයකට පමණ පෙර සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වන ගුවන් යානයක් උඩු ගුවනේදී පුපුරුවා හැරීමට තැත් කිරීමට ගත උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමත්වීමත් සමග මෙසේ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වල ආරක්ෂක තත්ත්වයන් දැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම නව ක්‍රමවේදය මගින් ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල දැනට පවතින  ආරක්ෂක තත්ත්වය ඉහළ දැමීමට හැකි වන බවත් ආරක්ෂක කලාප වලට ඇතුළු වීමට පෙර ගුවන් තොටුපොළ සේවකයින් හට මනා පුහුණුවක් ලබා දෙන බවත් මධ්‍යම රජයේ ගමනාගමන අමාත්‍ය Darren Chester පැවසීය.

ඊට අමතරව ඔවුන් සේවයේ යෙදී සිටින විට පවා පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

“ගුවන් තොටුපොළ සේවකයින්, ඔවුන්ගේ බඩු භාණ්ඩ සහ ඔවුන්ගේ වාහන අහඹු ලෙස පරීක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට ලක් කෙරෙන screening පරීක්ෂාවන් සඳහා ඔවුන්ව යොමු කෙරෙනවා.”යනුවෙන් අමාත්‍ය Darren Chester පැවසීය.

ඊට අමතරව ගුවන් තොටුපොළ වෙත සහ ඒවායේ ඇති ආරක්ෂක කලාප වෙත ඇතුළු වීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමද මෙම නව වෙනස්කම් යටතේ සිදුවනු ඇත.

නමුත් ගුවන් නියමුවන් හා ගුවන් සේවකයින් හට මුහුණ දීමට සිදුවන screening පරීක්ෂාවන් ගුවන් තොටුපොළ වල සිටින අනෙකුත් සෑම සේවකයෙකුටම අනිවාර්ය කළ යුතු බව ස්වාධීන සෙනට් සභිකයින් පවසයි.

කෙසේවෙතත්, මෙම නව ක්‍රමවේද 2019 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now