Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළෙඳ පොළ : සිඩ්නි සහ හෝබාට් ඉතා අයහපත්. පර්ත් සහ මෙල්බන් මධ්‍යමයි. (SBS සිංහල/ වාර්තා)

කුලී නිවාසකරුවන්ට සිඩ්නි සහ හෝබාට් අයහපත්ම නගර වන අතර පර්ත් සහ මෙල්බන් බොහෝ දුරට දැරිය හැකි මට්ටමේ නගර බවට වාර්තා වේ.

Australian rental market
Source: www.worldpropertyjournal.com

ඔස්ට්‍රේලියාවේ වැඩි වන නිවාස මිල ගණන් වල පීඩනය කුලී නිවාස වෙළෙඳ පොළටද බලපා ඇති බවත් ඒ හේතුවෙන් අඩු ආදායම් ලාභීන් නගර වලින් පිටත ප්‍රදේශ වලට යාමට බලපෑම් සිදු වන බවත් වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ආදායම සහ නිවාස කුලී මිල ගණන් සංසන්දනය කර බැලෙන The Rental Affordability දර්ශකය සැම සය මසකටම වරක් නිකුත් වෙයි.

Rental Affordability නවතම දර්ශකයේ කර්තෘවරුන්ට අනුව ඔස්ට්‍රේලියාවේ ඇතැම් කලාප වල කුලී නිවාස මිල ගණන් සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතෙන නමුත් විශ්‍රාමිකයින්, වැඩ කරන පවුල් සඳහා නගරයේ කුලී නිවාස මිල ගණන් දැරීමට නොහැකි බව පෙනී ගොස් තිබේ.

කුලී නිවාසකරුවන්ට සිඩ්නි සහ හෝබාට් අයහපත්ම නගර වන අතර පර්ත් සහ මෙල්බන් බොහෝ දුරට දැරිය හැකි මට්ටමේ නගර බවට වාර්තා වේ.

Rental Affordability දර්ශකය පිටුපස ඇති ප්‍රධාන සංවිධාන ත්‍රිත්වයෙන් එකක් වන National Shelter හි Adrian Pisarski පවසන්නේ ඉහළ නිවාස මිල, කුලී නිවැසියන්ව පන්නා දමන බවය.

“කුලී නිවාසයක සිටින බොහොමයක් පුද්ගලයින්ට තමන්ටම කියා නිවෙසක් මිලදී ගන්නට නොහැකි අවස්ථාවක් උදාවෙලා තිබෙන්නේ. එනිසා සෑම දිනකම ඔවුන්ට කුලියට සිටීමට සිදුවී තිබෙනවා.” Adrian Pisarski පැවසීය.

බොහෝ කුලී නිවැසියන් තමන්ගේ ආදායමින් 70% ක් පමණ නිවාස කුලිය ගෙවා දමන බව ද ඔහු පෙන්වා දෙයි.

අඩු ආදායම් ලාභීන්ගේ සම්පූර්ණ ආදායමින් නිවාස කුලිය 30% ඉක්මවා ගියහොත් ආහාර පාන, බලශක්තිය, ජල පහසුකම් සහ ගමනාගමන වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට වියදම් කිරීමට අපහසු තත්ත්වයක් උදා වන බව එම වාර්තාව පැහැදිලි කරයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now