ඔස්ට්‍රේලියාවේ දරුවන්ගෙන් තුනෙන් දෙකකට ආහාර අසාත්මිකතාවන් වයස අවුරුදු හතරේදී අඩුවෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

බිත්තර මගින් ඇතිවන ආසාත්මිකතාව අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුවක් වූ බව දැක්වෙන අතර එය 9.5% සිට 1.2% දක්වා අඩුවී ඇත.

Food Allergy

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සෑම දරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනකුම ආහාර අසාත්මිකතාවන් හට ගොදුරු වීමේ ව්‍යාප්තිය වයස අවුරුදු හතර වන විට අඩු වෙන බව නවතම ඔස්ට්‍රේලියානු පර්යේෂණයක් සොයාගෙන තිබේ.

නමුත් අනෙක් රටවල් හා සසදන කල දරුවන් හට ආහාර අසාත්මිකතාවන්  වැළඳීම ව්‍යාප්ත වීමේ  ඉතා ඉහළ ප්‍රවනතාවක් ඔස්ට්‍රේලියාව සතු බවද එම පර්යේෂණය පෙන්වා දෙයි.

Australian Centre of Food and Allergy Research මගින් සිදු කරන ලද`මෙම පර්යේෂණයේ සොයාගැනීම් The Murdoch Children's Research Institute (MCRI) ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පර්යේෂණය සඳහා දරුවන් 5000 දෙනෙකු වයස අවුරුදු 01 දී සමබන්ධ කරගෙන ඇති  අතර වයස අවුරුදු 01 දී ආහාර ආසාත්මිකතාව 11% සිට 3.8% දක්වා අවම වන බවත්  නැතිනම් වයස අවුරුදු 4 දී සෑම 25 දෙනෙකුගෙන්ම එක් අයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.

බිත්තර මගින් ඇතිවන ආසාත්මිකතාව අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුවක් වූ බව දැක්වෙන අතර එය 9.5% සිට 1.2% දක්වා අඩුවී ඇත.

මීට අමතරව රටකජු ආසාත්මිකතාව 3.1% සිට 1.9% දක්වා පහත බැස ඇති බවද වාර්තා වේ.

ඇදුම රෝගය 10.8% ක් eczema රෝගය 16% ක් සහ hayfever 8.3% ක් ලෙස ද ව්‍යාප්තිය සටහන් වී තිබුණි.

මේ අතර ආහාර ආසාත්මිකතාවන් සඳහා හේතුවන අවදානම් සාධක මෙහිදී හඳුනාගැනීම වැදගත් වූ බවද වාර්තා වේ.

"වැඩිමහල් සහෝදර සහෝදරියන් සිටින දරුවන්ට සහ කුඩා කාලයේදීම සුරතල් සතුන් සිටින දරුවන් හට ආහාර ආසාත්මිකතා වර්ධනය වීම සාපේක්ෂව අඩුයි. ආසියාවේ උපත ලැබූ දෙමාපියන්ට දාව ඔස්ට්‍රේලියාව තුළ උපදින දරුවන් හට ආහාර ආසාත්මිකතා ඇතිවීමේ ඉතා ඉහළ අවදානමක් පවතිනවා." MCRI හි වෛද්‍ය Rachel Peters පැවසුවාය.

ආහාර ආසත්මිකතාවන් මගින් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වීම වළක්වා ගැනීම සඳහා ඉහත අවදානම් සාධක හඳුනා ගැනීම අතිශය වැදගත් බවද ඇය පැවසුවාය.

මෙම පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැනුණු දරුවන් වයස අවුරුදු 6 සහ 10 දක්වා යනතුරු අධීක්ෂණය කරන බවද සඳහන්.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now