ඩොලර් 300 ක් ඉල්ලන වයිරසයක් නිසා මුළු ලොවම එක රැයකින් කැළඹෙයි. (SBS සිංහල/ වාර්තා)

“සයිබර් අපාරාධ වලට එරෙහිව අප වසරකට මෙහෙයුම් 200 ක් පමණ ක්‍රියාත්මක කරනවා. නමුත් මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් මීට පෙර දැකලා නැහැ.” European Union policing agency හි විධායක අධ්‍යක්ෂ Rob Wainwright බ්‍රිතාන්‍යයේ ITV වෙත පැවසීය.

Cyber Attack

Source: SBS

පෙර නොවූ විරූ පරිගණක වයිරසයක් හේතුවෙන් ලොව පුරා රටවල් 150 ක 200,000 කට අධික පුද්ගලයින් හා ආයතන ප්‍රමාණයක් ගොදුරු බවට පත් වී ඇති බව European Union policing agency හි විධායක අධ්‍යක්ෂ Rob Wainwright පැවසීය.

ඇතැම් පරිගණක වල එම වයිරසය ක්‍රියාතමක වී ඉන් මිදීමට මුදල් ඉල්ලා සඳහන් වන පණිවිඩයක් තිරයේ දිස්වූ බවද මෙම තත්ත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වන ස්වභාවයක් පවතින බවද Rob Wainwright සඳහන් කළේය.

සති අන්තයෙන් පසුව සඳුදා දිනයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පැමිණෙන සේවකයින් තම පරිගණකය ක්‍රියාත්මක කළ විගසම මෙහි ගොදුරක් වේවි දැයි තමන් බියෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“සයිබර් අපාරාධ වලට එරෙහිව අප වසරකට මෙහෙයුම් 200 ක් පමණ ක්‍රියාත්මක කරනවා. නමුත් මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් මීට පෙර දැකලා නැහැ.”  European Union policing agency හි විධායක අධ්‍යක්ෂ Rob Wainwright බ්‍රිතාන්‍යයේ ITV වෙත පැවසීය.

$300 ඉල්ලන පරිගණක පණිවිඩය.

මෙම ප්‍රහාරයට ගොදුරු වූ පරිගණකවල තිරයන් මත "Ooops, your files have been encrypted!" යනුවෙන් පණිවිඩයක් මතුවී ඩොලර් 300 ක මුදලක් ඉල්ලා සිටියි.

එම මුදල දින 3 ක් ඇතුළත ගෙවිය යුතු අතර එසේ නොගෙවුවහොත් එම මුදල දෙගුණ වෙයි. දින 7 ක් ඇතුළත ඉල්ලු මුදල් නොලැබුණහොත් ප්‍රහාරයට ලක්වූ සියලු ලිපි ලේඛන මකා දමන බවටද එම පණිවිඩයේ සඳහන් වේ.

බැංකු, දුම්රිය සහ රථ වාහන, රෝහල්, විශ්ව විද්‍යාල රාශියකට බලපෑම්.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ යුරෝපය බව සුප්‍රසිද්ධ පරිගණක ප්‍රති වයිරස මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන Symantec ආයතනය පවසයි.

Europol හි විධායක අධ්‍යක්ෂ Rob Wainwright පවසන පරිදි යුරෝපයේ බැංකු කිහිපයකටම මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත.

රුසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පරිගණක සඳහා ද බැංකු පද්ධතියටද මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති නමුත් තවමත් කිසිදු අනතුරක් වාර්තා වී නොමැති බව රුසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ප්‍රංශයේ දැවැන්ත මෝටර් රථ සමාගමක් වන Renault සමාගම ප්‍රංශය, ස්ලෝවේනියාව සහ රුමේනියාවේ තම මෝටර් රථ නිෂ්පාදනය අත් හිටුවා තිබේ.

මේ අතර භාණ්ඩ ප්‍රවාහනයේ ඇමෙරිකානු දැවැන්තයෙකු වන FedEx සමාගමටද මෙය බරපතල ලෙස බලපා ඇත.

ජර්මනියේ දුම්රිය මෙහෙයුම් සමාගමක් වන Deutsche Bahn සමාගමේ දුම්රිය ස්ථාන වල ඇති කාල සටහන් ප්‍රදර්ශන පුවරු සඳහා ද මෙය බලපා ඇති බව වාර්තා වේ.

මේ අතර එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයටද මෙම සයිබර් ප්‍රහාරය දැඩි ලෙස බලපා ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.

අනෙක් පසින් චීනයේ, ඉතාලියේ සහ ග්‍රීසියේ ඇති විශ්ව විද්‍යාල සඳහාද මෙය බලපා ඇති බව අනාවරණය වේ.

මෙම සයිබර් ප්‍රහාරයෙන් වැලකීමට සහ ගොදුරුවූවන් බේරාගැනීම සඳහා ඇමෙරිකානු භාණ්ඩාගාරය නායකත්වය ගෙන කටයුතු කරන බව එහි ලේකම් Steven Mnuchin පැවසීය.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now