SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම වැඩිම ප්‍රාන්ත මෙන්න. (SBS සිංහල/වාර්තා)

Digital Finance Analytics (DFA) අනුව නිවාස හිමියන් 767,000 පසුගිය අප්‍රේල් මාසයේ නිවාස ණය ආතතියෙන් සිටි බව සඳහන්.

Australian Housing Market
Source: Shutterstock

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

තමන්ගේ නිවාස ණය වාරික ඉදිරි මාස 12 තුළ ගෙවීම් පැහැර හැරීමේ අවදානම සහිත ඔස්ට්‍රේලියනුවන් 52,000 ක් පමණ සිටින බවත් නිවෙස් හිමියන්ගෙන් හතරෙන් එකක් නිවාස ණය ආතතියෙන් සිටින බවත් දත්ත විශ්ලේෂකයින් පවසයි.

Digital Finance Analytics (DFA) අනුව නිවාස හිමියන් 767,000 පසුගිය අප්‍රේල් මාසයේ නිවාස ණය ආතතියෙන් සිටි බව සඳහන්.

එම ප්‍රමාණයෙන් 32,000 ක් පමණ තමන්ගේ වත්මන් ආදායම අනුව ණය වාරික ගෙවීමට අපහසුව දරුණු ආතතියකින් පෙළෙන බවද වාර්තා වේ.

නිවාස ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමට පත් වන පිරිස ලබන වසරේදී 52,000 ක් පමණ විය හැකි බව ඇස්තමේන්තු ගත කර ඇත.

“මෙය සැලකිලිමත් විය යුතු ප්‍රවනතාවක්. ඒවගේම වර්ධනය වන ප්‍රවනතාවක්. ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වල වෙසෙන නිවාස හිමියන් තමන්ගේ නිවාස ණය වාරිකය ගෙවීමේ අපහසුකම් වලින් පෙළෙන බව අපට පෙනී ගොස් තිබෙනවා.” Digital Finance Analytics (DFA) හි ප්‍රධානී Martin North, මෙල්බන් ABC ගුවන් විදුලියට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ධනවත් නගර ලෙස සැළකෙන සිඩ්නි නුවර Hornsby, මෙල්බන් නුවර Brighton සහ පර්ත් නුවර Mount Claremont යන ප්‍රදේශ වලද නිවාස ණය පිළිබඳ අධික ආතතියක් පවතියි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවෙන්, ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයෙන් සහ APRA වෙතින් මෙම සමීක්ෂණය සඳහා දත්ත ලබාගෙන ඇති බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියාවේ අවදානම වැඩි වශයෙන් තිබෙන ලකුණු.

නිවාස ණය ගෙවීම් පිළිබඳ අවදානම් ලැයිස්තුවේ පළමු නගර 20 ඇතුළත බටහිර ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය දෙවන තැනද ක්වීන්ස්ලන්තය තුන්වන තැනද සිටියි.

වික්ටෝරියානු ප්‍රාන්තය සමග සංසන්දනය කරන කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස ණය පිළිබඳ ආතතිය විවිධ ප්‍රදේශ ගණනාවකම විහිදී යයි.

නිවාස ණය නැවත ගෙවීම පිළිබඳ ඉහළ අවදානමක් සහිත නගර.

බටහිර ඔස්ට්‍රේලියාව

Mandurah, Wanneroo, Canning Vale, Beeliar

වික්ටෝරියාව

Derrimut, Point Cook, Werribee, Cranbourne, Craigieburn

ක්වීන්ස්ලන්තය

Mackay, Carrara, Nerang, Hervey Bay, Toowoomba

බ්‍රිසබන් නුවර ආශ්‍රිතව සහ ඉහත නගරවල නිවාස ණය ගෙවීම පැහැර හැරීමේ ඉහළ අවදානමක් ඇත්තේ වර්ධනය නොවන ආදායම, විශාල නිවාස ණය සහ ජීවන වියදම ඉහළ යාම යන හේතු නිසාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now