වික්ටෝරියානු ප්‍රාන්ත අය - වැය 2017 – 18. (SBS සිංහල/වාර්තා)

2021 වන විට මෙල්බන් නුවර ring road පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 673 ක් වෙන් කිරීම. මින් හරි අඩක් ලැබෙනුයේ මධ්‍යම රජයෙනි.

Victorian state budget 2017-18

Source: Parliament Victoria

පවුල් හිංසනය / සමාජ සම්බන්ධතා.

හිමිවීම්.

1. පවුල් හිංසනය පිළිබඳ පත්කළ රාජකීය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වසර 4 ක් පුරා ඩොලර් බිලියන 1.9 ක් වෙන් කිරීම.

2. අමතර ළමා ආරක්ෂක නිලධාරීන් 450 දෙනෙකු ඇතුළත්ව ළමා ආරක්ෂණ සේවා සඳහා ඩොලර් මිලියන 131 ක් වෙන් කිරීම.

අහිමිවීම්.

1. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇබොර්ජීනියානු ජාතිකයින් හට සහය දැක්වීම සඳහා තිබු ඩොලර් මිලියන 100, ඩොලර් මිලියන 30 දක්වා අඩු කිරීම.

2. පසුගිය වසරේ ඩොලර් මිලියන 152 ක් ව පැවති කලාව පිළිබඳ ප්‍රතිපාදන ඩොලර් මිලියන 106.6 දක්වා අඩු වීම.

අධ්‍යාපනය

හිමිවීම්.

1, දුර්වල ප්‍රාන්ත පාසල් සඳහා ඩොලර් මිලියන 50.7 ක් වෙන් කිරීම.

2. නවීන පාසල් 9 ක් ඉදි කිරීමට සහ පවතින පාසල් වල තත්ත්වය ඉහළ දැමීම සඳහා ඩොලර් මිලියන 685 ක් වෙන් කිරීම.

අහිමිවීම්.

1. 2018 වසරෙන් පසුව පාසල් ප්‍රතිපාදන කප්පාදු කිරීම්.

2, New Docklands ප්‍රදේශයට නව පාසලක් ලබා දීම.

ගමනාගමනය

හිමිවීම්.

1. 2021 වන විට මෙල්බන් නුවර ring road පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 673 ක් වෙන් කිරීම. මින් හරි අඩක් ලැබෙනුයේ මධ්‍යම රජයෙනි.

2. Mordialloc bypass  මාර්ගය සහ Mornington Freeway වෙත සම්බන්ධ වන නව Freeway මාර්ගයක් සඳහා ඩොලර් මිලියන 300 ක් වෙන් කිරීම.

3. නව දුම්රිය 13 කට සෑහෙන නව V/Line දුම්රිය මැදිරි 39 ක් ලබා දීමට ඩොලර් මිලියන 311ක් වෙන් කිරීම.

අහිමිවීම්.

1. ආබාධිත පුද්ගලයින් හට පහසුවන පරිදි මෙල්බන් නුවර ට්‍රෑම් නැවතුම් යාවත් කාලීන කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වසරේ ස්ථාන 2ක් පමණක් මෙම වසරේ සම්පූර්ණ කිරීම.

ඔබේ ආරක්ෂාව.

හිමිවීම්.

1. 2729 ක අමතර පොළිස් නිලධාරීන් පිරිසක් සඳහා ඩොලර් බිලියන 2 ක් වැය කිරීම.

බන්ධනාගාර, රැඳවුම් මධ්‍යස්ථාන හා ආරක්‍ෂිත මානසික සෞඛ්‍ය පහසුකම් ඇතුළු දෑ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම.

අහිමිවීම්.

1. තම පොලිස් සේවයේ මෙහෙයුම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කිසිදු ප්‍රතිපාදනයක් නොමැති වීම.

සෞඛ්‍ය

හිමිවීම්.

1. ඖෂධ සහ මධ්‍යසාර සේවා සඳහා 14% කින් ප්‍රතිපාදන වැඩි කිරීම.

2.   මානසික සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 406 ක් වෙන් කිරීම.

3. නව Footscray රෝහල ඉදිකිරීම සඳහා ආවශ්‍ය ඉඩම මිලදී ගැනීම සහ සැලසුම් කිරීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කිරීම.

3. උතුරු මෙල්බන් රෝහල නැවත සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 162 කි.

අහිමිවීම්.

1. Warragul ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත රෝහල් සංකීර්ණය අත් හැර දැමීම.

2. Ballarat රෝහලේ නව මෙහෙයුම් ශල්‍යාගාරය සඳහා ප්‍රතිපාදන නොලැබීම.

නිවාස සහ සැලසුම්.

හිමිවීම්.

1. යාරා ගංගාව අසබඩ නුසුදුසු සංවර්ධන කටයුතු නතර කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක් වෙන් කිරීම.

2. Geelong's city centre සඳහා පුනර්ජීවය ලබා දීමට තවත් වසර 2 කට ඩොලර් මිලියන 3ක් ලබා දීම.

3. දකුණු මෙල්බන් හි විශාල කර්මාන්ත කලාපයකට නව ප්‍රාථමික පාසලක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 10 ක් වෙන් කිරීම.

අහිමිවීම්.

1. පිටත නගර සභා මගින් සිදු කිරීමට නියමිතව තිබු ඇතැම් සංවර්ධන කටයුතු සඳහා වූ ඩොලර් මිලියන 25 ක මුදලක් කප්පාදු කිරීම.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now