ඕස්ට්‍රේලියාව තුල ගෘහස්ත හිංසන ක්‍රියාවලට ලක්වන අයට පඩි රහිත නිවාඩු ලබාගැනීමට දැන් නිත්‍යානුකුලව අවස්ථාව ලැබී තිබේ. මේ වසර මුලදී ඕස්ට්‍රේලියානු Fair Work කොමිසම මගින් විවිධ රැකියා සදහා අදාල වන හිමිකම් යාවත්කාලීන කිරීමට කටයුතු කල අතර. එහිදී ගෘහස්ත හිංසන ක්‍රියාවලට ලක්වන අය සදහා මේ ආකාරයෙන් රැකියාව අහිමි වීමේ බියකින් තොරව නිවාඩු ලබාගැනීමේ අවස්ථාව ලබාදීම යෝජනා වී තිබිණි. ඒ අනුව 2018 වසරේ අගෝස්තු පළමුවැනිදා සිට යම් ගෘහස්ථ හිංසනයකට යොමු වූ අයෙකුට ඕස්ට්‍රේලියාව තුල දින 5ක පඩි රහිත නිවාඩු ලබාගත හැකි බව සදහන්.
නවසීලන්තයේ ගෘහස්ත හිංසනයට ලක්වන අයට පඩි සහිත නිවාඩු
තවද පසුගියදා නවසීලන්තයද මේ ආශ්‍රිත නව නීතියක් පසුගියදා සම්මත කල අතර, එරට ගෘහස්ත හිංසන වලින් පීඩා විදින අය සදහා දින 10ක පඩි සහිත නිවාඩු ලබාදීමට නවසිලන්ත රජය තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියානු රජය මෙලෙස ගෘහස්ත හිංසන ක්‍රියාවලින් පීඩා විදින අයට නිවාඩු ලබාදීමට තීරණය කිරීම අගය කලයුතු තීරණයක් බව Domestic Violence NSW ආයතනයේ ප්‍රධාන විධායක Moo Baulch සදහන් කරයි. තවද ඕස්ට්‍රේලියානු Fair කොමිසම නවසිලන්ත රජය මෙන් ගෘහස්ත හිංසන ක්‍රියාවලට ලක්වන අයට පඩි සහිත නිවාඩු ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ඉතා වැදගත් කාරණයක් වනු ඇති බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.
විශේෂයෙන් කාන්තාවන් ගෘහස්ථ හිංසන ක්‍රියාවලින් පීඩා විදින අවස්ථාවන් වලදී මුල්‍යමය වශයෙන් සුරක්ෂිත භාවයක් නොමැති වීමෙන් තවත් ඔවුන් මානසික පිඩනයට ලක්වන බවත් ඒ නිසා ඔවුන්ට මුල්‍යමය සහනයක් ලබාදීම වැදගත් බවත් ඇය වැඩි දුරටත් අවධාරණය කරයි.
කාන්තාවන් මිලියන 1.6ක් ගෘහස්ත හිංසන ක්‍රියා හේතුවෙන් පීඩාවට
තවද දත්ත වලට අනුව සදහන් වන්නේ සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම ඕස්ට්‍රේලියාව ලිංගික හෝ විවිධ හිංසන ක්‍රියාවලට ලක්වන බවයි. මිලියන 1.6කට ආසන්න කාන්තාවන් පිරිසක් මේ අයුරින් ගෘහස්ත හිංසන ක්‍රියාවලින් පීඩා විදින අතර තුර, සැලකිය යුතු පිරිසක් ගෘහස්ත හිංසනය හේතුවෙන් වාසය කිරීමට නිවසක් නැති තතවයටද පත්ව ඇති බව සදහන්.

Australian Institute of Health and Welfare නම් ආයතනය මගින් අලුතෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව 72,000 ක් කාන්තාවන් 34,000 ක් ළමුන් සහ 9,000 පිරිමින් 2016–17 වකවානුව තුල ගෘහස්ත හිංසන ක්‍රියාවන් හේතුවෙන් තම වාසය කරන නිවස අහිමි වීම හේතුවෙන් අපහසුතාවයට පත් වී ඇති බව සදහන්.
ඔබ හෝ ඔබ දන්නා හදුනන කෙනෙකු යම් ගෘහස්ත හිංසන ක්‍රියාවකින් පීඩා විදින්නේ නම් 1800RESPECT (1800 737 732) දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.1800RESPECT.org.au වෙබ් අඩවිය මගින් ඒ සදහා සහන ලබාගත හැකියි.
ඊට අමතරව 000 හදිසි දුරකථන සේවය ඔස්සේද ගෘහස්ත හිංසන ක්‍රියා පිලිබදව දැනුවත් කල හැකි බව සදහන්.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

