ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අගෝස්තු 02 වන දින නැවතත් නිල වශයෙන් පොලී අනුපාතිකය ඉහළ දැමීමට නියමිතය.
මේ හේතුවෙන් නිවාස ණය හිමිකරුවන් හට තව තවත් පීඩනයක් එල්ලවන බවට බිය ඇතිවී තිබේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය අගෝස්තු 02 වන දින යළිත් වරක් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සූදානම් වේ.
- ඒ අනුව දැනට 1.35% ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.85% ක් වනු ඇත.
- මෙම අපේක්ෂිත පොලී අනුපාතික ඉහල යාම බැංකුවලට ඔවුන්ගේ variable-rate හෙවත් විචල්‍ය පොලී අනුපාත නිවාස ණයවල පිරිවැය වැඩි කිරීමට නැවතත් මග සලසනු ඇත.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය යළිත් ඉහළට
ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය අගෝස්තු 02 වන දින යළිත් වරක් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සූදානම් වේ.
ඒ අනුව මෙම ඉහළ දැමීම මධ්‍යම බැංකුව විසින් පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ දැමූ සිව්වන අවස්ථාව වනු ඇත.
මෙවරද පොලී අනුපාතිකය 0.5% කින් ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව දැනට 1.35% ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.85% ක් වනු ඇත.
උද්ධමනය පාලනය කිරීම සඳහා මෙලෙස පොලී අනුපාතිකය ඉහළ දමන බව මධ්‍යම බැංකුව පවසයි.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 6.1% ක්ව පවතී.
පසුගිය අප්‍රේල් මාසයේ වාර්තාගත අඩුම පොලී අනුපාතිකය වූ 0.1% සිට මෙලෙස පොලී අනුපාතිකය ක්‍රමිකව ඉහළ දමා තිබේ.
නිවාස ණයක් ඇති අයට මෙය බලාපන්නේ කෙසේද?
මෙම අපේක්ෂිත පොලී අනුපාතික ඉහල යාම බැංකුවලට ඔවුන්ගේ variable-rate හෙවත් විචල්‍ය පොලී අනුපාත නිවාස ණයවල පිරිවැය වැඩි කිරීමට නැවතත් මග සලසනු ඇත.
මෑත මාසවලදී විචල්‍ය පොලී අනුපාත නිවාස ණයවල පිරිවැය කිහිප වරක්ම ඉහළ ගොස් ඇති බැවින්, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව නිවාස ණය හිමියන්ට ලැබෙන පීඩනය ලිහිල් කිරීමට උත්සාහ කර ඇත.
විචල්‍ය පොලී අනුපාත නිවාස ණයක් සහිත හිමිකරුවන්ගෙන් අඩක් ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට ඇති කාලයට වඩා වසර දෙකක් ඉදිරියෙන් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ නව නියෝජ්‍ය අධිපතිනි Michelle Bullock ජූලි මාසයේ දේශනයකදී පැවසුවාය.
නමුත් එලෙස නොමැති පුද්ගලයින් හට වඩා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට Mortgage Stress Victoria හි නීති අධ්‍යක්ෂ Matthew Martin පැවසීය.
Martin සහ ඔහුගේ සගයන් මධ්‍යම බැංකුවේ සංඛ්‍යාලේඛනවල නොමැති නිවාස ණය හිමිකරුවන් හට උපකාර කරයි.
බොහෝ අය අවදානමට ලක්විය හැකි සහ මානසික ආබාධවලින් පෙළෙන අතර ඇතැම් කාන්තාවන් ගෘහස්ථ හිංසනයට ගොදුරු වී දිවි ගලවා ගත් අය වෙති.
මධ්‍යම බැංකුව මුදල් අනුපාතිකය ඉහළ නැංවීමට පටන් ගත් දා සිට තමාගේ සේවා සඳහා ඉල්ලුම වැඩි වී ඇති අතර, ඒ සම්බන්ධ නඩුවල බරපතලකම ද අයහපත් අතට හැරී ඇති බව ඔහු පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පොලී අනුපාත ඉහල යාම නවතින්නේ කවදාද?
ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළේ 30 Day Cash Interbank Cash Rate Futures සිය ආයෝජකයින්ට මධ්‍යම බැංකුව විසින් අපේක්ෂා කරන දේ පිළිබඳ ඉඟියක් ලබා දෙයි.
ලබන වසරේ මාර්තු මාසයේදී නිල මුදල් අනුපාතිකය 3.24$ ක් පමණ වන අතර ඊළඟ මාසවල සිට දෙසැම්බර් දක්වා එය ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව එහි නවතම නිකුතුව පුරෝකතනය කරයි.
නමුත් AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver ට ඊට වඩා වෙනස් අනාවැකියක් ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අගෝස්තු 02 වන දින මුදල් අනුපාතිකය 0.5% කින් ඉහළ නංවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන අතර, එහි වේගය මන්දගාමී වීමට පෙර සැප්තැම්බර් මාසයේදී තවත් පදනම් 0.25% ත් 0.5% ත් අතර ප්‍රමාණයකින් වැඩිවීමක් සිදුවනු ඇත.
ආක්‍රමණශීලී අනුපාත ඉහල දැමීම් අවපාතයක් ඇති කරන තත්ත්වයක් මග හැරීමට මධ්‍යම බැංකුවට අවශ්‍ය වනු ඇතැයි ද ඔහු පැවසීය.
"උද්ධමනයේ කඩා වැටීමක් ඇති කරමින් බොහෝ දුර ගොස් මෙය අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ, පසුව වෙනත් ආකාරයකින් අනුපාත අඩු කිරීමට සිදුවේවි" යනුවෙන් ඔහු පැවසීය.
ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ විශ්වසනීයත්වය නැති වනු ඇති බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධව ඔබට උදව් අවශ්‍ය නම් කළ යුත්තේ කුමක්ද?
මෙහිදී ඉතා වැදගත් වන පළමු පියවර වන්නේ ඔබේ ණය දෙන්නා සමඟ ඔබේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම බව ඔස්ට්‍රේලියාවේ මූල්‍ය උපදේශන ප්‍රධාන විධායක නිලධාරී Fiona Guthrie පැවසුවාය.
"ඔබේ තත්ත්වය පැහැදිලි කරන්න, ඔබට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ගෙවීමට එකඟ නොවීම ගැන සැබවින්ම ප්‍රවේශම් වන්න. ඔබට මෙය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු තිබේ නම්, මූල්‍ය උපදේශකයෙකුට කතා කරන්න" යනුවෙන් ඇය පැවසුවාය.
බැංකු විසින් කළ යුතු අවසාන දෙය නම් නිවස නැවත පවරා ගැනීම බවත් ඔවුන්ට ඔබව එම තත්ත්වයේ තබා ගැනීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.

