SKIP TO MAIN CONTENT

මානව හිමිකම් කවුන්සලයේදී ඇමරිකාවට පසුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව පසුපස පැන්නීම අරඹයි.

UNHRC - Geneva
UNHRC - Geneva

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

බි‍්‍රතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් අද දිනයේදී (මාර්තු 5 දා) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කෙරෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය ,වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍යට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

ලංකාව සම්බන්ධයෙන් වන මෙම නව යෝජනාවේ කෙටුම්පත අද දින මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින්ට නොනිල වශයෙන් ඉදිරිපත් කෙරෙන අතර එම නියෝජිතයින් අදහස් ලබා ගැනීම් වලින් අනතුරුව අවසන් යෝජනාව සකසා එය කවුන්සිලය හමුවේ සභාගත කිරීම ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

2015 වසරේදී ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුලදී සම්මත කර ගත් යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ද සම දායකත්වය ලබාදී තිබිණ. එහෙත් පසුගිය 2018 වසරේදී ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමත් සමඟ මෙම ඒකාබද්ද යෝජනාවේ වලංගුභාවය පිළිබඳව ගැටළුවක් පන නැගින . එයට පිලියමක් ලෙසට බ්‍රිතාන්‍ය ප්‍රමුඛව මෙම අලුත් යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතිවබද ජිනීවා ආරංචි මාර්ග පවසයි.

පෙර සම්මත වුනු යෝජනාවට කුමක් වේද?

මිට අමතරව 2015 වසරේ සම්මත වූ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් වන යෝජනාවේ ප‍්‍රගතිය ගැන මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් සැකසූ සම්පූර්ණ ලිඛිත වාර්තාව සභාගත කිරීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කර සීටී. ඒ අනුව එම වාර්තාව මෙම මාර්තු මස 20 වැනිදා දහවල් 12.00 මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරෙනු ඇතැයිද , ඉන්පසුව ඒ සම්බන්ධයෙන් පැය තුනකට ආසන්න කාලයක් විවාදයක් පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

කැනඩාවෙන් චෝදනා

මේ අතර ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමේ ඇති පමාව සම්බන්ධයෙන් කැනඩාව, මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව විවේචනාත්මකව කරුණු දක්වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාවේ දෙමල දේශපාලන පක්ෂ වලින් අළුත් ඉල්ලීමක්

මේ අතර ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ 5 ක් විසින් මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් උතුරු පළාත තුළ පිහිටුවන ලෙසට එළඹෙන මාර්තු 18 වැනිදාට ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ඉල්ලිමක් කිරීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අනාවරණය කොට සිටී. ඊයේ දිනයේදී (මාර්තු 4 දා) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා මේ බව කියා සිටියේය.

ජිනීවාහි 40 වෙනි මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 25 දා සිට මාර්තු 22 ද දක්වා පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now