SKIP TO MAIN CONTENT

Breaking News : පිපිරීම් වලින් මිය ගිය පිරිස 207 දක්වා ඉහළට. ලංකාවටම ඇඳිරි නීතිය.

Daily Mirror
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ශ්‍රී ලංකාවේ අද (21/04) ස්ථාන 8 ක ඇතිවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මේ වන විට 207දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ කින්ග්ස්බරි හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථාන වල මෙම පිපිරීම් සිදුව ඇත.

අද පෙරවරුවේ පාස්කු දේව මෙහෙය පවත්වන වෙලාවේ මෙම පිපිරුම් සිදුවී ඇති අතර ඒවා සංවිධානාත්මකව සිදුකළ පිපිරුම් බවට ආරක්ෂක අංශ සැක කරයි.

එසේම මේ මොහොත වන විට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවටම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවද වාර්තා වේ.

කොළඹ හෝටල් තුනෙහි ඇතිවූ පිපිරීම් වලින් විදේශිකයින් 9 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් විදේශිකයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison ශ්‍රී ලංකාවේ අද (21/04) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කණගාටුව පළ කරමින් වීඩියෝ පණිවිඩයක් නිකුත් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now