SKIP TO MAIN CONTENT

දේශගුනික විපර්යාසය හේතුවෙන් නාගරික උෂ්ණත්වය සෙලසියස් 8 කින් උණුසුම් වෙන ලකුණු. (SBS සිංහල /වාර්තා)

Nature Climate Chang ජර්නලයට අනුව ලොව ජනගහනය අතින් ඉහළම නගර අතර ප්‍රථම 25% උෂ්ණත්වය මේ තත්ත්වය හේතුවෙන් සෙල්සියස් අංශක 7කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් මෙම සියවස අවසානයේදී ඉහළ යන බව වාර්තා වේ.

ONU advierte que el cambio climático agravará el hambre en Centroamérica
Climate change is a serious topic for the Pacific nations. Source: Earth.com

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Guardian Australia



Skip to article content

ගෝලීය උණුසුම සහ නාගරික තාපනය ස්ථානගත වීම යන සාධක වේගයෙන් ලොව ආක්‍රමණය කිරීම හේතුවෙන් 2100 වසර වන විට ලොව ඇතැම් නගර  අමතර සෙල්සියස් අංශක 8කින් (ෆැරන්හයිට් අංශක 14.4) උණුසුම් වන බව කාලගුණ පර්යේෂකයින් අනතුරු අඟවයි.

මෙම තත්ත්වය හේතුවෙන් නාගරිකව දිවි ගෙවන ජනතාවට භයානක සෞඛ්‍ය ගැටළු ඇතිවීම මෙන්ම ජලය වැනි ස්වභාවික සම්පත් ලබා ගැනීම සඳහා අධික පෙදනයක් යෙදීමට අවශ්‍ය වේ.

21 වන සියවස පුරාවටම හරිතාගාර වායු විමෝචනය වීම දිනෙන් දින ඉහළ යාම උපකල්පනය කරමින් ඇතිවිය හැකි දරුණුතම තත්ත්වය සලකා බලා මෙම ඇස්තමේන්තුගත කිරීම සිදු කර තිබේ.

Nature Climate Chang ජර්නලයට අනුව ලොව ජනගහනය අතින් ඉහළම නගර අතර ප්‍රථම 25% උෂ්ණත්වය මේ තත්ත්වය හේතුවෙන් සෙල්සියස් අංශක 7කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින්  මෙම සියවස අවසානයේදී ඉහළ යන බව වාර්තා වේ.

තවත් සමහර නගර වල සෙල්සියස් අංශක 5කින් පමණ උෂ්ණත්වය ඉහළ යන අතර අනෙක් නගර "නාගරික තාප දූපත්" බලපෑමට ලක්වේ.

නගර වල ඇති උද්‍යාන, වැව්, වේලි වැනි දෑ කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන් නගර වල සිසිලස රඳා පැවතීම අඩුවී තාපය පැවතීම වැඩි වීම "නාගරික තාප දූපත්" බලපෑම ලෙස හැඳින්වේ.

2015 වසරේ පැරිස් නුවරදී දේශගුණ විපර්යාස පිළිබඳ ඇතිකරගත් සම්මුතිය මත ගෝලීය උණුසුම අවම කරගැනීමට ලෝකයේ සියලු ජාතීන් එකඟ විය.

1950 සිට 2015 කාලය තුළ ලොව විශාලතම නගර 1692 ක දත්ත යොදාගෙන පර්යේෂකයින් මෙම අධ්‍යනය සිදු කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now