මෙල්බන් නුවරට එකවර මගීන් 2000 ක් රැගෙන යා හැකි නව දුම්රිය 65 ක්. (SBS සිංහල/වාර්තා)

මෙම නව දුම්රියක් තුළ සාමාන්‍ය වශයෙන් මගීන් 1200 ත් 2000 ත් අතර ප්‍රමාණයක් ගෙන යා හැකි බවත් ඒවායේ ආසන පිහිටනු ලබන්නේ මුළු මගී ධාරිතාවෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක බවත් වාර්තා වේ.

Australia Public Transport

Source: The Age

දිනෙන් දින ඉහළ යන ජනගහනයත් සමග මෙල්බන් දුම්රිය පද්ධතියට අධි ධාරිතාවකින් යුත් දුම්රිය මැදිරි සහිත නව දුම්රිය 65 ක් ඇතුළත් කිරීමට Metro ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

මෙල්බන් නුවර දුම්රිය මගීන් හට මෙම නවමු අත්දැකීම 2019 වසරේ මැද භාගයේ සිට අත්දැකීමට හැකි වනු ඇත.
මෙම නව දුම්රියක් තුළ සාමාන්‍ය වශයෙන් මගීන් 1200 ත් 2000 ත් අතර ප්‍රමාණයක් ගෙන යා හැකි බවත් ඒවායේ ආසන පිහිටනු ලබන්නේ මුළු මගී ධාරිතාවෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක බවත් වාර්තා වේ.
ඉංජිනේරු විද්‍යාවට අනුව මෙම නව දුම්රියක වර්ග මීටරයකට මගීන් 6 දෙනෙකු ට ගමන් කළ හැකිවේ.

මේ පිළිබඳ සිදු කළ අධ්‍යනයකට අනුව මෙම මට්ටමේ දුම්රිය මගී ජනගහනයක් Tokyo metro දුම්රියන්හි තත්ත්වයට සමාන කළ හැකිය.

මෙම නව දුම්රියන්හි ගමන් කරනු ලබන සෑම මගියෙකු හටම ආරක්ෂාව සඳහා අල්වා ගැනීමට අත්වැල් හෝ අත් පටි තිබෙන බවද සඳහන්.

කාර්ය බහුල වේලාවන්හි දී විශාල දුම්රියන් සහ වැඩිපුර දුම්රිය සේවාවන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය මගීන් දුම්රිය වේදිකා මත අතරමං වන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ මහජන ගමනාගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන Jacinta Allan පැවසුවාය.

“වැඩි වාර ගණනක් ධාවනය වන දුම්රිය සේවාවන් සහ වැඩි මගීන් පිරිසක් රැගෙන යන දුම්රිය සමගින් මෙල්බන් නුවර සඳහා අපි 21 වන සියවසේ දුම්රිය පද්ධතියක් නිර්මාණය කරනවා.” ඇය වැඩි දුරටත් පැවසුවාය.
මෙම නව දුම්රියන් චීනයේ CRRC Changchun සහ Downer සමාගම් විසින් බටහිර මෙල්බන් කලාපයේ ඓතිහාසික Newport දුම්රිය කාර්යය අංගනයේදී නිෂ්පාදනය කරනු ලබන අතර මීට පෙර ඔස්ට්‍රේලියාවේ දුම්රියක නොදුටු අධි තාක්ෂණික අංග වලින් ඒවා සමන්විත වන බවද වාර්තා වේ.
මගීන් සඳහා Wi-Fi පහසුකම්, එක් මැදිරියක් තුළ CCTV කැමරා 8ක් (4ක් පිටත හා 4 ක් ඇතුළත) සහ දුම්රියේ ගමන් ගන්නා මුළු මගීන් සංඛ්‍යාව මිනිත්තු 10 ක ඇතුළත ගණනය කිරීමට හැකි තාක්ෂණය මෙම නව දුම්රියන්හි ඇතුළත් වේ.

මෙම නවතම දුම්රිය 65 නිෂ්පාදනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පුද්ගලික අංශයේද සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 2.3  කි.

මෙලෙස අලුතින් නිෂ්පාදනය කෙරෙන දුම්රිය මෙල්බන් හි කාර්ය බහුලම දුම්රිය මාර්ග වන Cranbourne සහ Pakenham මාර්ග වල මෙන්ම, City Loop හිදීද ධාවනය සඳහා යෙදවීමට අපේක්ෂා කෙරෙන අතර 2026 වසරේදී විවෘත කිරීමට නියමිත නව Metro rail උමගේ දිව යන Sunbury දුම්රිය මාර්ගයේද ධාවනය සඳහා යෙදවීමට නියමිතය.

මෙම නව දුම්රියන් මැදිරි 7 කින් සමන්විත වන සේ මූලිකවම නිෂ්පාදනය කෙරෙන අතර අවශ්‍ය විටෙක මැදිරි 10ක් දක්වා එක් කිරීමට හැකියාවක්ද පවතියි.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service