SKIP TO MAIN CONTENT

වසර 3 කදී ජංගම දුරකථන නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ 113,000 ක් ඩොලර් මිලියන 40ක් දඩ කයි. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසර තුන තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙහි රිය පදවන විට ජංගම දුරකථන අතින් ගෙන භාවිතය නිසා නිකුත් කළ දඩ ප්‍රමාණය 107,964 ක් වන අතර එක් දඩ මුදලක් ඩොලර් 466ක් වෙයි. ඊට අමතරව ඒ සඳහා රියදුරු බලපත්‍රයේ ලකුණු 4ක් අඩුවීමක්ද සිදුවේ.

Road Safety
Source: The Age

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age



Skip to article content

පසුගිය වසර තුනක කාලය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ රියදුරන් ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම හේතුවෙන් 113,000 ක ප්‍රමාණයක් දඩ නිකුත්  කර ඇති බව වාර්තාවේ.

එම දඩ වලින් ලැබූ සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 40 කට අධික බවද සඳහන්.

මෙම තත්ත්වය අතිශය භයානක එකක් බව වික්ටෝරියානු රථ වාහන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී Doug Fryer පවසයි.

"මෙය ඇත්තටම කණගාටුදායී පුවතක්. ජනතාව මේ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මෙය මාරාන්තික ක්‍රියාවක්. ඔබ, මම, අපි හැමෝම මෙය සෑම දිනකම දකිනවා." Doug Fryer පැවසුවේය.

වර්තමානයේ සිදුවන මාර්ග අනතුරු වලින් බහුතරයකට ජංගම දුරකතනය මරණීය සාධකයක් බවට පත්වී හමාර බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත්, මාර්ග අනතුරු සහ ජංගම දුරකතනය අතර ඇති සම්බන්ධය සොයා බලන පොලීසිය වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි මරණ පරීක්ෂක Sara Hinchey හට දන්වා ඇත.

තමන් රිය ධාවනය කරමින් සිටියදී ජංගම දුරකතනය භාවිතා කරන බව සමීක්ෂණයට සහභාගී වූ 60% ක් පමණ වූ පුද්ගලයින් පවසා තිබෙන බව Doug Fryer පවසයි.

පසුගිය වසර තුන තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙහි රිය පදවන විට ජංගම දුරකථන අතින් ගෙන භාවිතය නිසා නිකුත් කළ දඩ ප්‍රමාණය 107,964 ක් වන අතර එක් දඩ මුදලක් ඩොලර් 466ක් වෙයි. ඊට අමතරව ඒ සඳහා රියදුරු බලපත්‍රයේ ලකුණු 4ක් අඩුවීමක්ද සිදුවේ.

ඉතිරි 5015 ක දඩ ප්‍රමාණය නිකුත් කර ඇත්තේ learner සහ probationary මට්ටමේ රියදුරන් ජංගම දුරකතන භාවිත කිරීම සඳහාය. වික්ටෝරියානු ප්‍රාන්තය තුළ තරුණ රියදුරන් හට රිය පදවන විට ජංගම දුරකතන අතින්ගෙන හෝ hands-free ලෙස හෝ භාවිතා කිරීම නීති විරෝධී බව වාර්තා වේ.

වර්තමානයේ බොහෝ රියදුරන් රිය පදවන ගමන් සමාජ ජාල සමග සම්බන්ධවීම් හෝ අන්  අයට කෙටි පණිවිඩ යැවීම සිදු කරන බව වික්ටෝරියානු රථ වාහන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී Doug Fryer පවසයි.

"වසර දෙකකට පමණ පෙර අපි දැක්කේ රියදුරන් හසුවුනේ තම ජංගම දුරකතනය එක් අතකින් ගෙන එය කනේ තබාගෙන කතා කිරීමයි. එය වැරැද්දක් වුණත් අඩුම තරමේ ඔවුන් ඉදිරි මාර්ගය පිළිබඳ අවධානයෙන් සිටියා. නමුත් දැන් තත්ත්වය හුඟක් වෙනස්. පසුගිය වසරරේදී පටන් රියදුරන් රිය පදවන ගමන් සමාජ ජාල සමග සම්බන්ධවීම් හෝ අන්  අයට කෙටි පණිවිඩ යැවීම සිදු කරන නිසා ඔවුන් සෑම විටම තම උකුල දෙස බල රිය පදවයි. එමගින් ඔවුන්ට ඉදිරි මාර්ගය දෙස අවධානය යොමු කිරීමට නොහැකියි. " වික්ටෝරියානු රථ වාහන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී Doug Fryer පැහැදිලි කරයි.

Hands-free, Bluetooth සම්බන්ධිත තාක්ෂනය යොදාගෙන රිය පදවන ගමන් ජංගම දුරකථන භාවිතා කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය full-licence හිමියන්ට තහනම් පනවා නොමැති නමුත් රිය පදවන විට සියලුම දෙනා තමන්ගේ ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම භාවිතා නොකිරීම සුදුසු බවද ඔහු පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now