මෙල්බන් නුවර දෙවැනි වරාය බටහිර කලාපයේ ඉදි කිරීමට යන ලකුණු. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් වරායේ බහාලුම් තදබදය අතිශය වැඩිවී ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවකදී දෙවැනි බහාලුම් වරායක අවශ්‍යතාවක් මතු වන බවත් ඒ සඳහා Werribee සහ Point Wilson අතර බටහිර බොක්කේ ඇති ප්‍රදේශයක් වඩා සුදුසු බවත් Infrastructure Victoria ආයතනය උපදෙස් දී තිබේ.

Australia Development

Source: The Age

මෙල්බන් නුවර දෙවැනි ප්‍රධාන බහාලුම් වරාය, Werribee ප්‍රදේශයේ ඉදි කිරීම සුදුසු යැයි වික්ටෝරියානු ප්‍රාන්තයේ යටිතල පහසුකම් පිළිබඳ උපදේශකවරයා පවසා තිබේ.

නමුත් එය තවත් වසර 40 ක් යනතුරු සිදු නොවනු ඇති බවද වාර්තා වේ.

මෙල්බන් වරායේ බහාලුම් තදබදය අතිශය වැඩිවී ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවකදී දෙවැනි බහාලුම් වරායක අවශ්‍යතාවක් මතු වන බවත් ඒ සඳහා Werribee සහ Point Wilson අතර බටහිර බොක්කේ ඇති ප්‍රදේශයක් වඩා සුදුසු බවත් Infrastructure Victoria ආයතනය උපදෙස් දී තිබේ.

මෙම යෝජිත නව වරායේ බහාලුම් පර්යන්තය පිටතින් ඉදි කිරීමට අපේක්ෂිත අතර කිලෝ මීටර් 4 ක් දිගැති කාර්මික දූපතක් ප්‍රධාන ගොඩබිම සමග කිලෝ මීටර් 1.5 ක මාර්ගයක සහ දුම්රිය මාර්ගයක් මගින් සමබන්ධ කර Port Phillip Bay හැඩය නැවත වෙනස් කිරීමට අදහසක් ඇත.

Australia Development
Source: The Age

නිරිත දිග මෙල්බන් කලාපයේ Port of Hastings ද දෙවන වරාය ලෙස යෝජනා වී තිබූ නමුත්  Pakenham - Cranbourne දුම්රිය මාර්ගය හරහා මෙල්බන් දුම්රිය මාර්ගයට සමබන්ධ කිරීමට ඩොලර් බිලියන 5ක පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප විය.

නමුත්, මෝටර් රථ වැනි කන්ටේනර් රහිත භාණ්ඩ නැව් මෙහෙයවීම උදෙසා වික්ටෝරියානු ප්‍රාන්ත වරායක් ලෙස Hastings  වරාය තබා ගත යුතු බවට Infrastructure Victoria ආයතනය වාද කරයි.

Daniel Andrews ගේ වික්ටෝරියානු ප්‍රාන්ත රජය Infrastructure Victoria හි උපදෙස් සැළකිල්ලට ගැනීම සඳහා ඊයේ (18/05) දිනයේදී විශේෂ උප කමිටුවක් ද පත් කළේය.

එම කමිටුව විසින් එහි අවසන් තීරණය මේ වන විටත් දැනුම් දී නොමැති නමුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ අනාගත වරාය ධාරිතාවන් සුරක්ෂිත කිරීම උදෙසා  Infrastructure Victoria හි වාර්තාව භාරගත් බව වාර්තා වේ.

මෙම වාර්තාව නුදුරේම ප්‍රකාශයට පත් කරනු ඇති බව කමිටු නියෝජිතයෙකු පැවසුවේය.

කෙසේනමුත්, අදාළ විකල්පයන් පිළිගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානමින්  බවද වාර්තා වේ.

මේ අතර මෙම නව වරාය හේතුවෙන් Geelong සහ බටහිර මෙල්බන් වලින් පිටත ප්‍රදේශ වල  රැකියා අවස්ථා නිර්මාණය කරනු ඇති බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

2014 වසරේදී කම්කරු පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර ලිබරල් සන්ධානය Hastings වරාය සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 110 ක පාරිසරික සැලැස්මක් ඉදිරිපත් කර තිබු නමුත් ඉන් අනතුරුව එය අහෝසි විය.

මේ අතර එළඹෙන  වසර 40 ඇතුළත මෙල්බන් වරාය වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන බහාලුම් මෙහෙයවන වරාය ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර එම කාලය අතරතුර එහි කාර්යක්ෂමතාව තුන් ගුණයකින් වැඩි කිරීමට ද අපේක්ෂා කෙරේ.

මෙල්බන් වරාය වසරකට බහාලුම් මිලයන 8 ක ධාරිතාවකට ලඟා වූ විට යෝජිත නව බටහිර වරාය බහලුම් මෙහෙයුම් කටයුතු බාරගනු ඇතැයි Infrastructure Victoria පවසන අතර එය 2055 වන විට සිදුවේවි යැයි  ඔවුන් අනුමාන කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 6.1 ත් 6.4ත් අතර පිරිවැයක් ඇස්තමේන්තුගත කර ඇති බව Infrastructure Victoria පවසයි.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now