SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් යානාවල laptop පරිගණක ගෙන ඒම තහනම් කෙරෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

මුස්ලිම් ජනගහනය බහුල රටවල් කිහිපයක සිට ඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට පැමිණෙන ගුවන් යානා වල මගී කුටියේ laptop පරිගණක සහ අනෙකුත් විදුලි උපකරණ ගෙන ඒම පසුගිය මාර්තු මාසයේදී තහනම් කෙරිණි.

Australia Politics
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඇමෙරිකාව මෙන් රට වෙතට පැමිණෙන ඇතැම් ජාත්‍යන්තර ගුවන් සේවාවන්හි මගී කුටියේ laptop පරිගණක ගෙන ඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවද පියවර ගත යුතු බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ඉඟියක් සපයා තිබේ.

මුස්ලිම් ජනගහනය බහුල රටවල් කිහිපයක සිට ඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට පැමිණෙන ගුවන් යානා වල මගී කුටියේ laptop පරිගණක සහ අනෙකුත් විදුලි උපකරණ ගෙන ඒම පසුගිය මාර්තු මාසයේදී තහනම් කෙරිණි.

එවැනි තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියාවට කිසිදු අදහසක් නොමැති බව ඔස්ට්‍රේලියානු රජය එකල ප්‍රකාශ කළ නමුත් එම තත්ත්වය තවමත්  සැළකිල්ලට ගත යුතුව පවතින බව අගමැතිවරයා පැවසීය.

“අපි මේ ගැන ඉතා සමීපව නිරීක්ෂණය කරනවා. ජාත්‍යන්තරයෙන් මේ සම්බන්ධව තිබෙන සියලු තොරතුරු අපි ලබා ගනිමින් අපගේ සහකරුවන් සමග මේ පිළිබඳ අපි අධීක්ෂණය කරමින් පසුවෙනවා. ඇතැම් විට ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කරනු ඇති.” අගමැති Turnbull වැඩි දුරටත් පැවසීය.

ගුවන් යානා තුළ laptop පරිගණක භාවිත කිරීම සහ IS ත්‍රස්ත සංවිධානයේ තර්ජන අතර සම්බන්ධයක් ඇති බවට තිබෙන රහස්‍ය තොරතුරු ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් රුසියානු බලධාරීන් හට මුදා හැර ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ජනාධිපති ඔස්ට්‍රේලියාව සමගද එම රහස්‍ය තොරතුරු හුවමාරු කරගත්තේදැයි අගමැති Turnbull ප්‍රකාශ කර නොමැති අතර ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇති විශ්වාසය කිසි දිනෙක පලුදු නොකරන බව ද ඔහු පැවසීය.

IS ත්‍රස්තවාදීන් නැසීමට මැද පෙරදිග කලාපයේ ඇමෙරිකාව දියත් කරන සටන් සඳහා වැඩිපුරම යුධ දායකත්වයක් සපයන රට ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now