සෑම වීදුරුවක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද? (SBS සිංහල/වාර්තා)

Microwave turntables, උදුන් බඳුන් (ovenware), ක්‍රිස්ටල් වීදුරු, මුහුණ බලන කණ්නාඩි සහ විදුලි බුබුළු ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොදාගත නොහැකි බව සඳහන්.

Recycling

Source: Getty Images

වීදුරු යනු නිරතුරුවම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යයක් බවට අප පොදුවේ සිතයි.

නමුත් සමහරක් වීදුරු වර්ග ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව ඔබ දන්නවාද?

ඇතැම් වීදුරු ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොදාගත නොහැකි බවත් ඊට හේතුව නැවත භාවිත කිරීම සඳහා නුසුදුසු අමුද්‍රව්‍ය ඒවායේ අන්තර්ගත වීම බවත් බ්‍රිසබන් නුවර වීදුරු ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්ත ශාලාවක් වන  O-I Asia Pacific හි Craig Mynott පවසයි.

Microwave turntables, උදුන් බඳුන් (ovenware), ක්‍රිස්ටල් වීදුරු, මුහුණ බලන කණ්නාඩි සහ විදුලි බුබුළු මෙසේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොදාගත නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

"ඉහත වීදුරු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කසල බඳුන් වලට ජනතාව නොදමනු ඇතැයි අප විශ්වාස කරනවා. වීදුරු බෝතල් සහ වීදුරු බඳුන් පමණක් එයට දමාවි යනුවෙන් අපි හිතනවා. "  Craig Mynott පැවසුවේය.

"ඔබ ප්‍රතිචක්‍රීකරණ කසල බඳුන් වෙත දමන වීදුරු බඳුන් වල ඇතැම් විට ආහාර ද්‍රව්‍ය තිබෙන්නට පුළුවන්. ඒ නිසා අපිට ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෙර පිරිසිදු කිරීමට සිදුවනවා. මොකද අපිරිසිදු වීදුරු බඳුන් ප්‍රතිචක්‍රීකරණය  කිරීම ඉතා අපහසුයි. "  Craig Mynott වැඩිදුරටත් පැවසුවේය.

වීදුරු 100% ක්ම ප්‍රතිචක්‍රීකරණය  කිරීමට හැකි අතර එය අනන්ත වාරයක් සිදු කළ හැකිය.

වීදුරු ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

ඔබේ නිවසින් ලබාගන්නා වීදුරු ප්‍රථමයෙන්ම තේරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන එයි.

ඉන් අනතුරුව ඒවා අමුද්‍රව්‍ය ප්‍රතිසාධන අංශය වෙත යොමු කෙරෙන අතර පසුව ඒවා වීදුරු ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවට පමුණුවයි.

optical sorting තාක්ෂණය මගින් වර්ණ වලට අනුව වීදුරු තෝරනු ලබයි.

"අප මිලි මීටර් 8 වීදුරු වෙනමම තොරණ අතර ඊට වඩා කුඩා වීදුරු කුඩු කර පවුඩර් තත්ත්වයට පත් කරනවා" Craig Mynott පැවසුවේය.

ඔබ දන්නවාද?

  • දැනට සොයාගෙන ඇති ආකාරයට වීදුරු සොයාගෙන ඇත්තේ මීට වසර 500 කට පමණ පෙරය.
  • වීදුරු ස්වාභාවිකවම කැබලි කිරීමට වසර මිලයනයක් පමණ ගත වෙයි.
  • එක් විදුලි බුබුලක් පැය හතරක කාලයක් දැල්වීම සඳහා අවශ්‍ය බලශක්තිය එක් වීදුරු බඳුනක් ප්‍රතිචක්‍රීකරණය  කිරීමෙන් ලබා ගත හැකිය.

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now