SKIP TO MAIN CONTENT

ඔක්තෝබර් 29 සිට කොළඹ - මෙල්බන් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූදානම්. (SBS සිංහල/වාර්තා)

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් සිටින රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වෙන අතර එයින්ද වැඩිම ශ්‍රී ලංකිකයින් පිරිසක් වාසය කරනුයේ මෙල්බන් නුවර ආශ්‍රිතව බවත් සඳහන්.

SriLankan Airlines
Source: SriLankan Airlines

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔක්තෝබර් 29 සිට කොළඹ - මෙල්බන් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූදානම්. (SBS සිංහල/වාර්තා)

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරන බව නිවේදනය කරයි.

මෙම ගුවන් ගමන් දෛනිකව හා සෘජුව (අතරමැද නතර කිරීම් රහිතව) සිදුවන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් සිටින රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වෙන අතර එයින්ද වැඩිම ශ්‍රී ලංකිකයින් පිරිසක් වාසය කරනුයේ මෙල්බන් නුවර ආශ්‍රිතව බවත් සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම නව සෘජු ගුවන් ගමන් මෙල්බන් නුවර අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකික ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම ව්‍යාපරික කටයුතු වල නියැලී සිටින ශ්‍රී ලාංකිකයින් හටද මහත්වූ පහසුවක් සලසනු ඇති බව  ශ්‍රී ලංකන් ගුවන් සේවය විශ්වාස කරයි.

දකුණු ආසියානු රටවල් වල සහ මැද පෙරදිග කලාපයේ  සංචාරකයින් හට කොළඹ හරහා ඔස්ට්‍රේලියාව වෙත හෝ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණීමට මෙම `සෘජු ගුවන් සේවය පහසුකම් සලසන බව වාර්තා වේ.

වසර ගණනාවක පටන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිදු කළ ඉල්ලීම මෙසේ ඉටු කර දීමට හැකි වීම සැබවින්ම ලැබූ ජයග්‍රහණයක් බව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොව ප්‍රකට ආගන්තුක සත්කාර මධ්‍යයේ කොළඹ - මෙල්බන් සෘජු ගුවන් සේවය සඳහා නවීන පහසුකම් වලින් සමන්විත 330-200 එයාර් බස් රථ යොදවන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ - මෙල්බන් සෘජු ගුවන් සේවයේ කාල සටහන පහත පරිදි වේ.

SriLankan Airlines
Source: SriLankan Airlines

මේ අතර මෙම නව සේවාවත් සමග සිඩ්නි, බ්‍රිස්බන්, ඇඩිලේඩ් යන ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර සඳහා මෙන්ම නවසීලන්තයේ  Auckland නුවරට ගමන් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මගීන් හටද ඒ සඳහා අවස්තාව ලබා දීමටද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වානිජ නිලධාරී සිව රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now