සෞඛ්‍යට අහිතකර නොවන ඇල්කොහොල් පරිභෝජන මට්ටම අප සිතුවාට වඩා පහළ මට්ටමක පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
National Health and Medical Research Council (NHMRC) හෙවත් ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ විසින් මෙය හෙළිකර ඇත.

සෞඛ්‍යට අහිතකර නොවන ඇල්කොහොල් පරිභෝජන මට්ටම
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍යට අහිතකර නොවන ඇල්කොහොල් පරිභෝජන මට්ටම පිළිබඳ NHMRC ආයතනය සමාලෝචනයක් සිදුකර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍යට අහිතකර නොවන ඇල්කොහොල් පරිභෝජන මට්ටම දස වසරකට පසුව යාවත්කාලීන කිරීමට NHMRC ආයතනය පියවර ගෙන තිබේ.
එහිදී ඔස්ට්‍රේලියාවේ healthy drinking guidelines හෙවත් සෞඛ්‍යට හිතකර ලෙස ඇල්කොහොල් පරිභෝජනය කිරීමේ ආචාර ධර්ම වලට අලුතින් ආචාර ධර්ම ත්‍රිත්වයක් එකතු කිරීමට ඔවුන් තීරණය කර ඇත.
ඒ අනුව ඇල්කොහොල් පරිභෝජනය නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් අවම කිරීමට සතියකට මත්පැන් වීදුරු (standard drinks) 10 කට වඩා වැඩි නොවිය යුතු බව NHMRC ආයතනය නිර්දේශ කරයි.
එනම් එක් දිනකට මත්පැන් වීදුරු (standard drinks) 1.4 බැගිනි.
මීට පෙර එම සීමාව නම් කර තිබුණේ එක් දිනකට මත්පැන් වීදුරු (standard drinks) 2 බැගිනි.
එමෙන්ම සෞඛ්‍ය අවදානමින් මිදීමට එක් වරකදී standard drinks 4 කට වඩා නොගත යුතු බවද මෙම යාවත්කාලීන කළ නව ආචාර ධර්ම පද්ධතියට අනුව පැවසේ.

ඔස්ට්‍රේලියානුවන්ට බොන ප්‍රමාණය අපි කියන්නේ නැහැ
ඔස්ට්‍රේලියානුවන් ගේ ජීවිත වල ඇල්කොහොල් නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් තත්ත්ව අවම කිරීමට රුකුලක් වීම විනා මේ හරහා ඔස්ට්‍රේලියානුවන්ට මත්පැන් පානය කළ යුතු ප්‍රමාණය පිළිබඳ අප ප්‍රවර්ධනය නොකරන බව NHMRC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය Anne Kelso පවසයි.
එමෙන්ම ඉහත ඇල්කොහොල් මට්ටම සෞඛ්‍යට කිසිදු අහිතකර සෞඛ්‍ය බලපෑමක් ඇති නොකරන බව 100% ක්ම ඒත්තු නොගැන්වෙන බවත් අඩුවෙන් ඇල්කොහොල් පරිභෝජනය කළහොත් සෞඛ්‍ය අවදානම අඩු බවත් ඇය පැහැදිලි කළාය.
2017 වසරේදී ඇල්කොහොල් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 4000 ඉක්මවූ බවත් 2016/17 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා ඇල්කොහොල් නිසා 70,000 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.
සෞඛ්‍ය ආබාධ 60 කට අධික සංඛ්‍යාවකට ඇල්කොහොල් බලපාන බවත් විශේෂයෙන්ම විවිධ වූ පිළිකා සඳහා එය ප්‍රධාන සාධකයක් බවත් පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි NHMRC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය Anne Kelso පවසයි.


