දෙසැම්බර් 25 වන දින ජේසුතුමන්ගේ උපත සැමරීම සඳහා ක්‍රිස්තියානි සහ කතෝලික බැතිමතුන් නත්තල සමරති.
ලොව පුරා බොහෝ රටවල මෙය ආගමික උත්සවයක මුහුණුවරක් ගත් නමුත් ඔස්ට්‍රේලියාවේ එය බොහෝ දුරට වෙනස් වේ.
පවුලේ උදවිය සහ යහළු මිත්‍රයින් එක්ව විනෝද වීම සහ තෑගි සහ ආහාර හුවමාරු කරගැනීම ඔස්ට්‍රේලියානුවන් ගේ නත්තලේ කැපී පෙනෙන කාර්යයන් වේ.

නත්තල් දින දිවා ආහාරය
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් නත්තල සැමරීම සිදුවන්නේ දෙසැම්බර් 25 වන දින දිවා ආහාරය ආශ්‍රිතවය.
ඔස්ට්‍රේලියාවේ නත්තල් දින දිවා ආහාරය සඳහා නත්තල් කෑම මේසයට පැමිණෙන බොහෝ ආහාර පාන ඇති බව SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.
නත්තල් හැම්, snacking boards, මුහුදු ආහාර (seafood), නත්තල් පුඩින්, තිරමුසු, trifle, pavlova යන ආහාර බහුලව ඔස්ට්‍රේලියාවේ නත්තල් ආහාර මේසයේ දැකිය හැකි බව ඇය පෙන්වා දෙයි.
ඊට අමතරව චෙරී, අඹ, පීචස් සහ මේ වාරයට අයත් අනෙකුත් පලතුරු වර්ගද ඊට අමතරව කෑම මේසය හැඩ කරන බව ඇය පැහැදිලි කරයි.
නමුත් ඔස්ට්‍රේලියාව යනු බහු සංස්කෘතික රටක් නිසාවෙන් විවිධ රටවලට අවේනික වූ ආහාර පාන නත්තල් කෑම මේසයට රැගෙන ආ හැකි බව SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.
වැඩිපුර මුහුදු ආහාර සහිත මැලේසියානු ලක්සා මෙන්ම ice cream cake හෝ ඉතාලියානු පැනටෝනේ නත්තල් ආහාර මේසයට එක් කරගැනීමට තමන් කැමති බව ඇය පවසයි.
සර්බියාවේ සහ බෝල්කන් රටවල නත්තල් කෑම වේලේදී මුහුදු ආහාර සුප් එකක් පිළිගන්වන බවත් තමන්ද එය එකතු කරගැනීමට කැමති බවත් ඇය පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ සාදයකදී තමන් හට කැමති ආහාරයක් ගෙන එන්නැයි ආරාධිත පුද්ගලයින්ට පැවසීමට එම සාදය සංවිධානය කරන්නා විසින් ඉල්ලීම සුලබ දෙයකි.
එහිදී තමන්ට වඩාත් පහසු ආහාරයක් රැගෙන යන ලෙස SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.
තමන්ගේ පවුල තුළ නත්තල් සැමරුම එතරම් ජයට නොගත් නමුත් තමන් සැමවිටම යහළුවන් සමග නත්තල සැමරූ බවත් එම දිවා ආහාරය සඳහා තමන් සැමවිටම තමාගේ ජනප්‍රියතම බොස්නියානු අතුරුපස සාදා රැගෙන ගිය බවත් ඇය පැහැදිලි කරයි.
ඊට අමතරව plum ජෑම් සහ icing sugar වලින් පුරවපු scone shortbread ද තමන් සාදා එම සාද වලට ගෙන යන බව Farah Celjo පවසයි.

එළිමහනේ කාලය ගත කිරීම
ඔස්ට්‍රේලියාවට නත්තල පැමිණෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේ සහ ග්‍රීෂ්ම සෘතු පාසල් නිවාඩු කාලයේ මැද භාගයේදීය.
එනිසාම උණුසුම් කාලගුණය විඳිමින් මේ කාලය එළිමහනේ ගත කිරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් වැඩි කැමැත්තක් දක්වයි.
බොහෝ පිරිස් මුහුදු තීර වල පිහිනීමට යන අතරේ තමන්ගේ ගෙවත්තේ හෝ ළඟම පිහිටි පොදු උද්‍යානයට ගොස් දිවා ආහාරය ගැනීමට ද පෙළබී තිබේ.
"පසුගිය වසරේ දී කිසි කෙනෙකුට නත්තල් සාදයක් තමන්ගේ නිවෙසේ පැවැත්වීමට අවශ්‍ය වුණේ නැති නිසා අපි පොදු උද්‍යානයකට ගියා. ග්‍රීෂ්ම කාලය නිසා මම එයට බොහොම කැමති වුණා. එය ඇත්තෙන්ම සැහැල්ලුයි. හැමෝම සන්තෝෂෙන් හිටියා" යනුවෙන් මෙක්සිකෝවේ ඉපදුණු Pamela López Arriaga පවසයි.

Boxing Day
නත්තල් දිනයේදී නත්තල් දිවා ආහාරය ගෙන තෑගී බෝග හුවමාරු කරගත් පසුව බොහෝ දෙනෙකු ඊළඟ දිනයේදී BBQ දමමින් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩයාම වෙනත් විදේශ රටක් සමග තරග වදින Boxing Day ටෙස්ට් තරගය නරඹති.
තමන් කිසිවිටෙකත් Boxing Day ටෙස්ට් තරගය මග හැරියේ නැති බව බ්‍රිස්බේන් නුවර උපත ලද Luke Barbagallo පවසයි.
90 දශකයේ හෝ 2000 මුල භාගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රබලතම කණ්ඩායම බවට පත්වී තිබූ නිසාවෙන්ම එම කාලයේදී මෙම Boxing Day ටෙස්ට් තරගය ඇත්තෙන්ම නත්තල් හැගීම තවත් තීව්‍ර කිරීමට සමත් වූ බව ඔහු පවසයි.

ඔබටම ආවේණික වූ නත්තල් සම්ප්‍රදායන් නිර්මාණය කරගන්න
නත්තල සමග මුසුවූ විවිධ සම්ප්‍රදායන් ඔබට ඔස්ට්‍රේලියාව තුළ දැකිය හැකිය.
නත්තල් දිනට පෙර දින රාත්‍රියේ දේව මෙහෙයේ සිට කැරොල් ගායනා මෙන්ම නත්තල් ගස් තෙක් එම සම්ප්‍රදායන් වෙනස් වෙයි.
ආගමික වශයෙන් මෙන්ම එයින් බැහැරව වුවද ඔබට ඔස්ට්‍රේලියාවේ නත්තල සැමරිය හැකිය.
එනිසා ඔබේ නත්තල ඔබටම ආවේණික වූ නත්තල් සම්ප්‍රදායකින් නිර්මාණය කරගන්න.


