ඔස්ට්‍රේලියානු නත්තල් සම්ප්‍රාදය ගැන ඔබ දැනුවත්ද ? මෙන්න SBS සිංහල සේවය වෙතින් සවිස්තර තොරතුරු

යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් යම්තාක් දුරකට ඔස්ට්‍රේලියාවේ නත්තලට බලපා ඇති නමුත් ඔස්ට්‍රේලියනුවන් තමන්ගේම නත්තල් සම්ප්‍රදායක් ගොඩනගාගෙන තිබේ.

What's the Australian Christmas tradition?

Source: Getty Images

දෙසැම්බර් 25 වන දින ජේසුතුමන්ගේ උපත සැමරීම සඳහා ක්‍රිස්තියානි සහ කතෝලික බැතිමතුන් නත්තල සමරති.

ලොව පුරා බොහෝ රටවල මෙය ආගමික උත්සවයක මුහුණුවරක් ගත් නමුත් ඔස්ට්‍රේලියාවේ එය බොහෝ දුරට වෙනස් වේ.

පවුලේ උදවිය සහ යහළු මිත්‍රයින් එක්ව විනෝද වීම සහ තෑගි සහ ආහාර හුවමාරු කරගැනීම ඔස්ට්‍රේලියානුවන් ගේ නත්තලේ කැපී පෙනෙන කාර්යයන් වේ.
Australian Christmas tradition
Source: Getty Images

නත්තල් දින දිවා ආහාරය

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් නත්තල සැමරීම සිදුවන්නේ දෙසැම්බර් 25 වන දින දිවා ආහාරය ආශ්‍රිතවය.

ඔස්ට්‍රේලියාවේ නත්තල් දින දිවා ආහාරය සඳහා නත්තල් කෑම මේසයට පැමිණෙන බොහෝ ආහාර පාන ඇති බව SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.

නත්තල් හැම්, snacking boards, මුහුදු ආහාර (seafood), නත්තල් පුඩින්, තිරමුසු, trifle, pavlova යන ආහාර බහුලව ඔස්ට්‍රේලියාවේ නත්තල් ආහාර මේසයේ දැකිය හැකි බව ඇය පෙන්වා දෙයි.

ඊට අමතරව චෙරී, අඹ, පීචස් සහ මේ වාරයට අයත් අනෙකුත් පලතුරු වර්ගද ඊට අමතරව කෑම මේසය හැඩ කරන බව ඇය පැහැදිලි කරයි.

නමුත් ඔස්ට්‍රේලියාව යනු බහු සංස්කෘතික රටක් නිසාවෙන් විවිධ රටවලට අවේනික වූ ආහාර පාන නත්තල් කෑම මේසයට රැගෙන ආ හැකි බව SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.

වැඩිපුර මුහුදු ආහාර සහිත මැලේසියානු ලක්සා මෙන්ම ice cream cake හෝ ඉතාලියානු පැනටෝනේ නත්තල් ආහාර මේසයට එක් කරගැනීමට තමන් කැමති බව ඇය පවසයි.

සර්බියාවේ සහ බෝල්කන් රටවල නත්තල් කෑම වේලේදී මුහුදු ආහාර සුප් එකක් පිළිගන්වන බවත් තමන්ද එය එකතු කරගැනීමට කැමති බවත් ඇය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ සාදයකදී තමන් හට කැමති ආහාරයක් ගෙන එන්නැයි ආරාධිත පුද්ගලයින්ට පැවසීමට එම සාදය සංවිධානය කරන්නා විසින් ඉල්ලීම සුලබ දෙයකි.

එහිදී තමන්ට වඩාත් පහසු ආහාරයක් රැගෙන යන ලෙස SBS Food සේවයේ කර්තෘ Farah Celjo පවසයි.

තමන්ගේ පවුල තුළ නත්තල් සැමරුම එතරම් ජයට නොගත් නමුත් තමන් සැමවිටම යහළුවන් සමග නත්තල සැමරූ බවත් එම දිවා ආහාරය සඳහා තමන් සැමවිටම තමාගේ ජනප්‍රියතම බොස්නියානු අතුරුපස සාදා රැගෙන ගිය බවත් ඇය පැහැදිලි කරයි.

ඊට අමතරව plum ජෑම් සහ  icing sugar වලින් පුරවපු scone shortbread ද තමන් සාදා එම සාද වලට ගෙන යන බව Farah Celjo පවසයි.
Australian Christmas tradition
Source: Getty Images

එළිමහනේ කාලය ගත කිරීම

ඔස්ට්‍රේලියාවට නත්තල පැමිණෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේ සහ ග්‍රීෂ්ම සෘතු පාසල් නිවාඩු කාලයේ මැද භාගයේදීය.

එනිසාම උණුසුම් කාලගුණය විඳිමින් මේ කාලය එළිමහනේ ගත කිරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් වැඩි කැමැත්තක් දක්වයි.

බොහෝ පිරිස් මුහුදු තීර වල පිහිනීමට යන අතරේ තමන්ගේ ගෙවත්තේ හෝ ළඟම පිහිටි පොදු උද්‍යානයට ගොස් දිවා ආහාරය ගැනීමට ද පෙළබී තිබේ.

"පසුගිය වසරේ දී කිසි කෙනෙකුට නත්තල් සාදයක් තමන්ගේ නිවෙසේ පැවැත්වීමට අවශ්‍ය වුණේ නැති නිසා අපි පොදු උද්‍යානයකට ගියා. ග්‍රීෂ්ම කාලය නිසා මම එයට බොහොම කැමති වුණා. එය ඇත්තෙන්ම සැහැල්ලුයි. හැමෝම සන්තෝෂෙන් හිටියා" යනුවෙන් මෙක්සිකෝවේ ඉපදුණු Pamela López Arriaga පවසයි.
Australian Christmas tradition
Source: Getty Images

Boxing Day

නත්තල් දිනයේදී නත්තල් දිවා ආහාරය ගෙන තෑගී බෝග හුවමාරු කරගත් පසුව බොහෝ දෙනෙකු ඊළඟ දිනයේදී BBQ දමමින් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩයාම වෙනත් විදේශ රටක් සමග තරග වදින Boxing Day ටෙස්ට් තරගය නරඹති.

තමන් කිසිවිටෙකත් Boxing Day ටෙස්ට් තරගය මග හැරියේ නැති බව බ්‍රිස්බේන් නුවර උපත ලද Luke Barbagallo පවසයි.

90 දශකයේ හෝ 2000 මුල භාගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රබලතම කණ්ඩායම බවට පත්වී තිබූ නිසාවෙන්ම එම කාලයේදී මෙම Boxing Day ටෙස්ට් තරගය ඇත්තෙන්ම නත්තල් හැගීම තවත් තීව්‍ර කිරීමට සමත් වූ බව ඔහු පවසයි.
What's the Australian Christmas tradition?
Source: Getty Images

ඔබටම ආවේණික වූ නත්තල් සම්ප්‍රදායන් නිර්මාණය කරගන්න

නත්තල සමග මුසුවූ විවිධ සම්ප්‍රදායන් ඔබට ඔස්ට්‍රේලියාව තුළ දැකිය හැකිය.

නත්තල් දිනට පෙර දින රාත්‍රියේ දේව මෙහෙයේ සිට කැරොල් ගායනා මෙන්ම නත්තල් ගස් තෙක් එම සම්ප්‍රදායන් වෙනස් වෙයි.

ආගමික වශයෙන් මෙන්ම එයින් බැහැරව වුවද ඔබට ඔස්ට්‍රේලියාවේ නත්තල සැමරිය හැකිය.

එනිසා ඔබේ නත්තල ඔබටම ආවේණික වූ නත්තල් සම්ප්‍රදායකින් නිර්මාණය කරගන්න.
What's the Australian Christmas tradition?
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු නත්තල් සම්ප්‍රාදය ගැන ඔබ දැනුවත්ද ? මෙන්න SBS සිංහල සේවය වෙතින් සවිස්තර තොරතුරු | SBS Sinhala