ඉදිරි වසර ත්‍රිත්වය තුළ ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවනු ඇති බවට හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

Power prices

Source: AAP

ඉදිරි වසර ත්‍රිත්වය තුළ ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එහිදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට මෙම වාසිය විශාල ලෙස අත් විඳිය හැකි බවටද පැවසේ.

Power prices
Source: AAP

විදුලිය ගාස්තු අඩු වීමට හේතු

ඔස්ට්‍රේලියාවේ විදුලිය සැපයුම් වෙළෙඳපොලේ පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවන විදුලිය ප්‍රමාණය ඉහළ යාමත් ඒ සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් මත මෙලෙස ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවනු ඇති බවට Australian Energy Market Commission හෙවත් AEMC ආයතනය පවසයි.

එහිදී පුනර්ජනනීය බලශක්තිය උපදවීම සඳහා අවශ්‍ය බැටරි, සුළං සහ සූර්ය බල උත්පාදන මධ්‍යස්ථාන සඳහා තවත් වැඩිපුර ආයෝජන ලැබුණහොත් ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට විදුලිය ගාස්තු තවත් අඩු මිලට ලබාදීමට හැකිවනු ඇතැයි AEMC ආයතනය පවසයි.

මේ අතර නුදුරු අනාගතයේදී ගෑස් සහ ගල් අඟුරු සම්බන්ධ ව්‍යාපෘති සඳහා අලුත් ආයෝජන නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

Power prices
Source: Flickr

විදුලිය ගාස්තු අඩු වීම

වසර 2022 ජුනි මාසය වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොණ දිග කලාපයේ විදුලිය ගාස්තු 20% කින් පහළ බසිනු ඇතැයි AEMC වාර්තාව පවසයි.

ඒ හරහා සාමාන්‍ය නිවසක වාර්ෂික විදුලිය ගාස්තු වලින් $278 ක ඉතිරියක් ලැබෙන බව සඳහන්.

ඊට අමතරව අනෙකුත් ප්‍රාන්ත වල මෙම විදුලිය ගාස්තු පහත බැසීමෙන් වාර්ෂිකව ලැබෙන ඉතිරිය පහත පරිදි වේ.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - $107
  • වික්ටෝරියා ප්‍රාන්තය - $53
  • ACT - $134
  • ටස්මේනියා ප්‍රාන්තය - $93
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - $27

නමුත් වසර 2022 වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විදුලිය ගාස්තු 6% කින් ඉහළ යාමට නියමිත බව ද AEMC වාර්තාව පවසයි.

ඒ අනුව 2022 වසරේ පටන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ජනතාවගේ වාර්ෂික විදුලිය බිලට අමතරව $102 ක් පමණ එකතු වන බව සඳහන්.

මේ අතර Northern Territory හි විදුලිය ගාස්තු පිළිබඳ ප්‍රමාණවත් දත්ත ලැබී නැති බවද ඔවුන් පවසයි.

Power prices
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now