වසර 40 කින් පමණ ඔස්ට්‍රේලියාව death taxes හෙවත් මරණය සඳහා බදු පනවා නොමැත.
1970 වසරේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිව සිටි ශ්‍රීමත් Joh Bjelke-Petersen එවකට තිබූ එම බදු අහෝසි කිරීමට පියවර ගත් අතර ඔහු අනුව යමින් අනෙකුත් ප්‍රාන්ත සහ මධ්‍යම රජය එම death taxes අහෝසි කිරීමට පියවර ගත්තේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ඔබ මරණයට පත්වුවත් ඔබේ බදු බිල් (tax bills) අහෝසි වන්නේ නැත.

මරණයට පත් වුවත් බදු ගෙවිය යුතුද?
මෙල්බර්න් නුවර ප්‍රකට ගිණුම්කරණ සහ බදු සම්බන්ධ සමාගමක් වන BNR Partners හි කළමනාකරණ අධ්‍යක්ෂ Ian Raspin මෙවැනි වූ ගණුදෙනු සමග කටයුතු කරන චරිතයකි.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මීට මාස 18 කට පමණ පෙර ඔහුට අපූරු රාජකාරියක් බාරකර තිබේ.
එම රාජකාරිය බාරදුන් පවුලේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති නමුත් එම කාලය වන විට ඔහුගේ වාර්ෂික ආදායම් බදු ප්‍රතිලාභය (tax return) වසර 31 පමණ යොමු කර නොමැත.
එම මිය ගිය තැනැත්තා ඒක පුද්ගල ව්‍යාපාරික (sole trader) ලෙස ව්‍යාපාර දෙකක් ක්‍රියාත්මක කර තිබුණි.
කෙසේහෝ මිය ගිය තැනැත්තාගේ ඉහත සඳහන් කළ පවුලේ සාමාජිකයාට මිය ගිය පුද්ගලයාගේ නොගෙවූ බදු ගෙවීමට සිදුවී ඇති බව Ian Raspin, ABC පුවත් වෙබ් අඩවියට පැවසුවේය.
ඒ අනුව ඔහුගේ පැරණි බැංකු ගනුදෙනු වසර ගණනාවක් පසුපසට පිරික්සීමට මෙන්ම මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ආදායම් බදු කොමසාරිස්වරයා පවා මුණ ගැසීමට සිදුවූ බව Ian Raspin පැවසුවේය.

මරණින් පසුව ඔබ අලුත් බදු ගෙවන්නෙක්
මරණින් පසුව ඔබ අලුත් බදු ගෙවන්නෙක් වන අතර එතෙක් ඔබ ඒක පුද්ගල බදු ගෙවන්නෙක් (individual taxpayer) වන බව ABC පුවත් සේවය පවසයි.
මරණින් පසුව ඔබේ දේපළ සහ ධනය වෙනත් අයෙකු පාලනය කිරීමට පටන් ගනී.
එසේ කිරීමටනම් ඔවුන්ට අලුත් ආදායම් බදු අංකයක් ඔබ වෙනුවෙන් ලබාගත යුතුය.
මරණයට පත්වන යම් අයෙකු අන්තිම කැමති පත්‍රයක් ලියා ඇත්නම් මෙම කටයුත්ත පහසු කෙරෙයි.
එසේ නොවුනහොත් මිය ගිය පුද්ගලයාගේ දේපළ සහ වත්කම් සම්බන්ධව පවුලේ උදවියට උභතෝකෝටික ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇත.


