2020 නව අවුරුදු උදාව සැමරීම සඳහා ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක කිරීමට යන ගිනි කෙළි සංදර්ශන නවත්වන ලෙසට අදාළ පෙත්සමක් දහස් ගණන් ඔස්ට්‍රේලියානු වාසීන් අත්සන් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම ගිනි කෙළි සංදර්ශන වලට වැයවන සියළු මුදල් මෙවර ලැව් ගිනි වලින් පීඩාවට පත්වූ මිනිස්, සත්ත්ත්ව සහ ශාක ගහන වෙත වැය කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

නව අවුරුදු ගිනි කෙළි සංදර්ශන නවත්වන ලෙසට ඉල්ලීම්
පසුගිය සතියේ සඳුදා වන විට මෙම පෙත්සම සඳහා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අත්සන් කර තිබුණි.
මෙය අන්තර්ජාල පෙත්සමක් (online petition) ලෙස ක්‍රියාත්මක වේ.
මෙවර ලැව් ගිනි ඇතිවීම ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් සිදුවන බව බලධාරීහු ප්‍රකාශ කළෝය.
මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලට ලැව් ගිනි වලින් දැඩි හානි සිදුවී ඇත.
ඊට අමතරව වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල ඇතැම් කලාප සඳහා ද ලැව් ගිනි වලින් විශාල හානි සිදුව තිබේ.

මේ හරහා නිවාස දහසකට අධික සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී ඇති අතර මිනිස් ජීවිත 10 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇත.
එමෙන්ම වනජීවීන් සහ තුරු ලතා ද විශාල ලෙස මෙම ලැව් ගිනි වලින් විනාශ වී තිබේ.
එනිසා මේ අයුරින් විපතට පත් සියලු දෙනා හට 2020 නව අවුරුදු උදාව සැමරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ගිනි කෙළි සංදර්ශන සඳහා වැයවන මුදල් ලබා දී ඔවුන්ගේ සුබ සාධනය සලසන ලෙස ඉහත පෙත්සමින් බොහෝ දෙනෙකු ඉල්ලා ඇත.

නව අවුරුදු සැමරුම් ගිනි කෙළි
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම නව අවුරුදු සැමරීම් සඳහා ගිනි කෙළි සංදර්ශන පවත්වනු ලබයි.
ඒවායින් විශාලතම සහ ජනප්‍රියතම ගිනි කෙළි සංදර්ශනය වන්නේ සිඩ්නි වරාය පාලම අසළ පවත්වනු ලබන ගිනි කෙළි සංදර්ශනය වේ.
පසුගිය වසරේ සිඩ්නි නුවර ගිනි කෙළි සංදර්ශනය සඳහා ඩොලර් මිලියන 5.8 ක් වැයවූ බව සඳහන්.
මෙවර සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය අවලංගු කිරීම ප්‍රයෝගිකව කළ හැකි එකක් බවට සිඩ්නි නගරාධිපතිනිය වන Clover Moore පැවසුවාය.
සාමාන්‍යයෙන් සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මාස 15 කට පමණ පෙර සිට සැලසුම් කරන බවත් එහි වියදමෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ ජනතාවගේ ආරක්ෂාව ලබා දීමට සහ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා බවද ඇය පැහැදිලි කළාය.
පරිසරයට හානි නොවීම පිණිස සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය කාබන් විමෝචනය නොවන අයුරින් පැවැත්වීමට තීරණය කර තිබෙන බවද ඇය පැහැදිලි කළාය.
පසුගිය වසරේ මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සඳහා මෙල්බර්න් නගර මධ්‍යයේ ගොඩනැගිලි 22 කින් ගිනි කෙළි නිකුත් කෙරිණි.
ටොන් 14 ක ගිනි කෙළි රැගත් පසුගිය වර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශන සඳහා ඩොලර් 234,000 ක මුදලක් වැයවූ බවද වාර්තා විය.


