වික්ටෝරියානු පොලීසිය Holden Commodore V8 වලට සමුදී අධි බලැති Mercedes-Benz wagon මෝටර් රථ highway patrol සඳහා යොදවයි (SBS සිංහල/ වාර්තා)

High-powered Mercedes-Benz joins Victoria Police highway patrol fleet

Source: Cardrive

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය highway patrol සඳහා භාවිත කරන Holden Commodore V8 මාදිලියේ මෝටර් රථ වලට සමුදීමට තීරණය කර තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියට අමතරව ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරටරි වල පොලීසි මේ වන විට භාවිතා කරනු ලබන Holden වර්ගයේ මෝටර් රථ භාවිතයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

Victoria Police highway patrol
Source: Flickr

       

අධි බලැති Mercedes-Benz wagon කරළියට

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය highway patrol සඳහා භාවිත කරන Holden Commodore V8 මාදිලියේ මෝටර් රථ වලට සමුදී අධි බලැති Mercedes-Benz wagon මෝටර් රථ ඒ සඳහා යොදාගැනීමට සූදානම් බව drive.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙය බැලූ බැල්මට සාමාන්‍ය Mercedes-Benz wagon මාදිලියේ මෝටර් රථයක් ලෙස දිස්වුණද මෙම මාදිලිය සාමාන්‍ය පාරිභෝගිකයින් හට මිලට ගැනීමට වෙළෙඳපොළේ නොමැත.

එමෙන්ම එය සාමාන්‍ය වෙළෙඳ පොළේ ඇති Mercedes-Benz wagon මාදිලියට වඩා දෙගුණයක බලයකින් යුක්ත බවද සඳහන්.

Holden Commodore V8 මාදිලියේ මෙන් මෙහිද acceleration හෙවත් වේගය වැඩි කිරීම එක ලෙස පවතී.

එනම් තත්ත්පර 5 කදී 0 සිට 100kmh දක්වා වේගය වැඩි කිරීමට මෙම නව Mercedes-Benz wagon රථ වලටද හැකියාව පවතී.

නමුත් Holden Commodore V8 මාදිලියට වඩා Mercedes-Benz wagon මාදිලියට වැයවන්නේ තුනෙන් එකක ඉන්ධන ප්‍රමාණයක් පමණි.

මන්ද අධි තාක්ෂණික ඩීසල් එන්ජිමක් මෙම නව Mercedes-Benz wagon රථ වල ඇති බැවිනි.

මේ අතර මෙම නව Mercedes-Benz wagon රථවල උසස් wheel-drive පද්ධතියක් ඇති අතර ජලය සහිත මාර්ගයක වුවද ලෙස්සන සුළු මාර්ගයක වුවද ටයර් සහ මාර්ගය අතර තද ඝර්ෂණයක් ඇති කිරීමට එය සමත්වෙයි.

ටයරයක යම් දෙයක් ඇනී යම් හානියක් වුවද කාර්ය භාරය අවසන් වනතුරු නොකඩවා පැදවීමට මෙම නව මාදිලිය අවස්ථාව ලබාදෙයි.

Victoria Police highway patrol
Source: Cardrive

අධික වේගයෙන් යන රියදුරන් සහ බීමත් රියදුරන් ඇල්ලීම

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ මෙම නව Mercedes-Benz wagon රථ මූලික වශයෙන් අධික වේගයෙන් යන රියදුරන්ව සහ බීමත් රියදුරන්ව හසුකරගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරයි.

එම කටයුතු සඳහා මෙම නව රථය වේග මාපක සහ කුඩා ප්‍රමාණයේ කැමරා ද drug detection උපකරණ වලින්ද සමන්විතය.

එම කැමරා වලින් දිවා හෝ රාත්‍රී ඕනෑම වේලාවකදී මාර්ගයේ ධාවනය වන රථ වල වාහන අංක තහඩු Scan කර ක්ෂණයකින් ඒවායේ විස්තර ලබා දෙයි.

මෙම නව මාදිලියේ ප්‍රථම මෝටර් රථ 20 බොහෝ විට මෙම ග්‍රීෂ්ම නිවාඩුවේදී රාජකාරී කටයුතු සඳහා දියත් කිරීමට අපේක්ෂා කරයි.

Victoria Police highway patrol
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now