ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ක්ෂේත්‍රය සිතන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි තත්ත්ව හේතුවෙන්ද දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධව දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Source: Pexels
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අදහස
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතය විමසීමට The Carbon Market Institute ආයතනය කටයුතු කළ අතර එහි වාර්තාව පසුගිය සතියේදී නිකුත් කෙරිණි.
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ පැරිස් සම්මුතියට අනුව වසර 2030 වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉලක්ක කර ඇති කාබන් විමෝචන ඉලක්ක පහත හෙළීම ප්‍රමාණවත් නොවන බව එම සමීක්ෂණයට සහභාගී වූ 94% ක් ව්‍යාපාරිකයින් පවසා තිබේ.
මෙම සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර 220 ක් සහභාගී කරගෙන තිබුණි.
ගල් අඟුරු පතල්, ඛනිජ තෙල්, ගෑස් සහ නිෂ්පාදන කර්මාන්ත වල ව්‍යාපාරිකයින්ද ඊට ඇතුළත් විණි.
ඔස්ට්‍රේලියාව කාබන් විමෝචනය අවම කිරීමට ඉතා දිගු කාලයක් ලබා ගැනීම පිළිබඳ 96% ක ප්‍රතිශතයක් අකමැත්ත දක්වා ඇති බවත් එහිදී හෙළිවේ ඇත.
මේ අතර ඉහළ මට්ටමේ කාබන් විමෝචනය සිදු කරන කර්මාන්ත සඳහා දීර්ග කාලීනව සිය කටයුතු ස්ථාවරව කරගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සකසා නැති බවද 96% ක් දෙනා පවසා තිබේ.

在2050年前達致溫室氣體淨零排放的目標上,澳洲正落後於世界其他地區。 Source: Pixabay
ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉහළ සහයක්
ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය හැකි තරම් පහත හෙළීමට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉහළ සහයක් ලැබෙන බව The Carbon Market Institute ආයතනයේ ප්‍රධාන විධායක John Connor පවසයි.
ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය බින්දුව මට්ටමට ගෙන ඒමට වුවද ව්‍යාපාරිකයින් උනන්දු බව මෙම සමීක්ෂණය හරහා අනාවරණය වී ඇත.
නමුත් ව්‍යාපාරික ප්‍රජාවගේ අපේක්ෂාවන් සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධ ප්‍රතිපත්ති අතර යම් හිඩැසක් පවතින බව The Carbon Market Institute ආයතනයේ ප්‍රධාන විධායක John Connor පවසයි.
වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය බින්දුව මට්ටමට ගෙන ආ යුතු බව 80% කට වඩා ව්‍යාපාරිකයෝ විශ්වාස කරති.

Source: Pexels
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ ගෝලීය ප්‍රගති දර්ශකයේ ඔස්ට්‍රේලියාව පහළම අඩියට
දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ රටවල ප්‍රගති වාර්තාවේ ඔස්ට්‍රේලියාව පහළම මට්ටමේ සිටින බව වාර්තා වේ.
Climate Change Performance Index (CCPI) නමැති දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව පහළම සිටින රටවල 6 අතරේ පසුවන බව සඳහන්.
Climate Change Performance Index හෙවත් CCPI දර්ශකය සඳහා යුරෝපා සංගමය සහ තවත් රටවල 57 ක් සහභාගී කරගෙන තිබේ.
එහිදී ඒ ඒ රටවල කාබන් විමෝචනය, පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සහ දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති යන මිනුම් දඬු කෙරේ පූර්ණ අවධානය යොමුවී ඇත.
පසුගිය දෙසැම්බර් 13 වන දිනෙන් අවසන් වූ ස්පාඤ්ඤයේ Madrid පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම දර්ශකය පිළිබඳ අනාවරණය කෙරිණි.
CCPI දර්ශකයට අනුව පහළම අඩියේ සිටින රටවල 6 ලෙස ඔස්ට්‍රේලියාව, සෞදි අරාබියාව, ඇමෙරිකාව, ඉරානය, දකුණු කොරියාව සහ චීන තායිපේ වාර්තා වේ.
රටවල 61 ක පූර්ණ ලැයිස්තුවෙන් ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 56 වන ස්ථානය වේ.
පසුගිය වසරේ මෙම දර්ශකයේ ඔස්ට්‍රේලියාව පසුවූයේ 55 වන ස්ථානයේය.
හරිතාගාර වායු විමෝචනය ඔස්ට්‍රේලියාවේ 40% ක මට්ටමේ පවතින බවත් එය ශ්‍රේණිගත කිරීම අනුව Low ඛාණ්ඩය යටතට දමා ඇති බවත් වාර්තා වේ.

Source: AAP
පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සම්බන්ධව ද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශතය 20% ක්ය. එයද Low ඛාණ්ඩය යටතට දමා ඇත.
එමෙන්ම දේශගුණික විපර්යාස මැඩලීම සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව ඔස්ට්‍රේලියාව ඉතා දුර්වල මට්ටමක පසුවෙයි.
එය ප්‍රතිශතයක් ලෙස 20% ක් වන අතර Very Low ඛාණ්ඩය යටතට දමා ඇත.
කෙසේවෙතත්, වසර 2030 වන විට ඔස්ට්‍රේලියාව සිය කාබන් විමෝචනය 26% කින් පහත හෙළීමට පොරොන්දු වී තිබේ.

Source: SBS Sinhala
Read & Watch More

SBS සිංහල ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙකු වීමට ඔබටත් අවස්තාවක්