SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජනපතිට පිලිපීනයෙන් උණුසුම් පිළිගැනීමක් : අවබෝධතා ගිවිසුම් රැසක්

Sri Lankan president's Philippine visit
Sri Lankan president's Philippine visit

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ සිව්දින රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත වෙයි. ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව ද මෙය වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපති සහ පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩියුටර්ටේ අතර නිල හමුව ඊයේ දිනයේදී පැවැත්වින. එහිදී ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5 කට ද අත්සන් තබා තිබේ. ශ‍්‍රී ලංකාව සහ පිලපීනය අතර ආර්ථික, සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සඳහා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිි අරුණි රණරාජා මහත්මිය අත්සන් තැබුවාය.

එසේම දෙරට අතර ආර්ථික සබඳතාව ශක්තිමත් කරලීම සඳහා නව ආර්ථික කවුන්සිලයක් පිහිටුවීම කෙරෙහිද අවධානය යොමුවුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කොට සිටී.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුලින්ම ආරම්භ වන්නේ 1951 දීය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරත්, පිලිපීන කොන්සල් කාර්යාලයක් කොළඹදීත් පිහිටුවා ගනු ලබන්නේ 1964 දී සහ 1966 දීය. පසු කාළයකදී දෙරටවල් අතර ඇති වූ සාකච්ඡාමය එකඟතාව මත 1993 ජුනි මස 30 වැනිදා දෙරටේම තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගනු ලැබුවද එය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් වූයේ නැත. පසුව ශ්‍රී ලංකාව 1998 සැප්තැම්බර් මස සිය තානාපති කාර්යාලයක් මැනිලා අගනුවර යළිත් පිහිටුවන ලදි. ඉන් අනතුරුව පිලිපීනය ද 1966 වසා දැමු සිය කොන්සල් කාර්යාලය යළිත් කොළඹදී පිහිටු වීමට පියවර ගනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now