SKIP TO MAIN CONTENT

නොබෝ දිනකින් පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ චන්ද පත්‍රිකාවට බලපාන තීරණාත්මක සාධකය හෙළිවෙයි

Climate change to be a vote changer in NSW
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

එළඹෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී දේශගුණික විපර්යාසය ඡන්ද පත්‍රිකාවට බලපාන ප්‍රබල කරුණු අතරට එක්ව ඇතැයි නවතම මත විමසුම් දෙකක් මඟින් පෙන්වා දෙයි.

එසේම ප්‍රධාන පක්ෂ දෙක වන ලිබරල් සහ කම්කරු පක්ෂ අතර තරඟය කරට කර මට්ටමකට පැමිණ ඇතැයි  ද එම මත විමසුම් මඟින් තවදුරටත් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් දැනට පවතින තත්වය අනුව කම්කරු පක්ෂය 51% ක් සහ ලිබරල් සන්ධානය 49% ක ජනප්‍රියතාවක් හිමිකරගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සම්බන්ධ මෙම මත විමසුමට සහභාගී වුනු 60% ක පිරිසක් පවසා ඇත්තේ තමන් ඡන්දය ලබාදීමේදී ප්‍රධාන පක්ෂ දෙක දේශගුණික විපර්යාස සම්බන්දව දක්වන්නාවූ ප්‍රතිචාර සැලකිල්ලට ගන්න බවය.

මෙම මත විමසුමට සහභාගී වුනු ඡන්ද දායකයින් ප්‍රාන්ත අය වැය කළමනාකරණය සඳහා ප්‍රධාන ස්ථානයකක් ලබාදී ඇති අතර ප්‍රමුඛතා ලැයිස්තුවේ මීලඟට ඇතුළත්කොට ඇත්තේ දේශගුණික විපර්යාසය සම්බන්ධව දේශපාලන පක්ෂ ගන්න ක්‍රියා මාර්ග වේ.

සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනය සහ ජිවන වියදම් යන සුපුරුදු කාරණා සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ඉන් අනතුරුව වීමද මෙහි විශේෂත්වයක් බව මත විමසුම් පෙන්වා දෙයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ 57 වෙනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා වන ප්‍රාන්ත චන්ද විමසීම මාර්තු මස 23 දා පැවැත්වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now