Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මානුස් දුපතේ කඳවුරෙන් සරණාගතයින් බලහත්කාරයෙන් පන්නා දැමීම අමානුෂික බවට හිටපු ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් රජයට චෝදනා

Gillian Triggs_former human rights commitioner of Australia

මානුස් දුපතේ සරණාගත කඳවුරෙන් එහි සරණාගතයින් බලහත්කාරයෙන් ඉවත්කිරීමට රජය ගත් පියවර අමානුෂික ක්‍රියාවක් බව හිටපු ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමසාරිස් ජිලියන් ට්‍රිග්ස් පවසයි. මානුස් සරණාගත කඳවුර වසා දැමීම හේතුවෙන් එහි සිටි සරණාගත පිරිස් වෙනත් රටක ස්ථාපිත කරන තෙක් තාවකාලික සංක්‍රාන්ති රැඳවුම් මධ්‍යස්ථානයකට සියළු සරණාගතයින් රැඳවීමට රජය පියවර ගෙන තිබිණ. එහෙත් එම තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කල සරණාගතයින් 300ක් පමණ සති 3 නක කාලයක් මානුස් සරණාගත කඳවුරෙහිම රැඳී සිටියහ. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ දැනුම් දීමට අනුව මානුස් හි පාලන බලය හිමි පැපුවා නිව්ගිනිනි රජයේ පොලිසියේ මැදිහත්වීම මත එම පිරිස් බලහත් කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

එහෙත් මෙරට රජය එම සරණාගත පිරිස් හට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භුමිය වෙත පිවිසීමට ඉඩ ලබා දිය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමසාරිස් ජිලියන් ට්‍රිග්ස් පවසයි. එම ක්‍රියාව අමානුෂික බවත් , එය  රජය පවසන පරිදි මෙරටට පැමිණෙන අනවසර බෝට්ටු නැවැත්වීමේ හෝ මුහුදේදී සිදුවන ජිවිත හානිය වැළක්වීමේ අරමුණ හෝ නොවන බවද ය වැඩිදුරටත් පවසා සිටියාය

 

එහෙත් මේ පිළිබඳව මාධ්‍යට අදහස් පලකොට සිටි ලිබරල් පක්ෂ සෙනෙට් සභික එරික් අබේට්ස් පැවසුයේ සරණාගත කඳවුරුවල වෙසෙන ජනයා තම ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම රටක පදිංචි වීමට කැමැත්ත පලකල යුතු අතර තමාට ස්ථාවර වීමට අවශ්‍ය රට තීරණය කිරීමට නොකළ යුතු ක්‍රියාවක් බවයි.

පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebokk.com/sbssinhalese

අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now