SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ දෙමල පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයට වැඩ අල්ලයි.

TNA_Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  දෙමළ ජාතික සන්ධානය (TNA ) සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බව TNA හි ප්‍රධානතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් අතර ඊයේ(03) යාපනය පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ මේ වෙනුවෙන් සාකච්චාවක් පවත්වා තිබේ. එහිදී පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත් "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්ඉදිරි දින දෙකතිකාමි සටන්කාමි" පක්ෂයේ නියෝජිතයින් TNA සමඟ එකතු වනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින 2 තුලදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද වාර්තාවේ.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්. එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී සමඟ එක්‌ව "සූර්යයා" ලකුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඊයේ (03 දා) තීරණය කොට තිබේ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමඟ එක්‌වී නව දෙමළ දේශපාලන සන්ධානයක්‌ සෑදීමට ගිය අවස්‌ථාවේදී ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පක්‍ෂයේ පොදු නාමය හා ලාංඡනය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණි නිසා හෙතෙම මෙම තීරණයට පැමිණ ඇති බවද වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now