SKIP TO MAIN CONTENT

අලුත් අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට ලැබෙන අවුරුදු තෑග්ග මෙන්න. (SBS සිංහල/වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ විදුලිය සහ ගෑස් සිල්ලර වෙළෙඳ පොළ පිළිබඳ සිදුකළ අධ්‍යනයකට අනුව විදුලිය සහ ගෑස් අවම මිලට වඩා 21% ක වැඩි ප්‍රතිශතයක් වික්ටෝරියානුවන් ගෙවන බව ප්‍රාන්ත රජය හෙළි කරයි.

Power bills
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් දහස් ගණනකට ප්‍රධාන බලශක්ති සැපයුම් සමාගම් තුනකින් නව බලශක්ති ප්‍රතිදාන දීමනා හෙවත් power rebate ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මැදිහත්වීමක් මත මෙම සහනය සැලසෙන බව සඳහන්.

ඒ අනුව EnergyAustralia, Origin සහ AGL යන සමාගම් මගින් ඩොලර් 100 ක වටිනාකමින් යුත් මෙම ප්‍රතිලාභය ලැබීමට නියමිත වේ.

“ලබන වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ 285,000 ක් පමන් නිවැසියන් හට ඩොලර් 250 ත් ඩොලර් 720 ත් අතර ප්‍රතිදාන ප්‍රති ලාභයක් ලැබෙනවා.” යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ විදුලිය සහ ගෑස් සිල්ලර වෙළෙඳ පොළ පිළිබඳ සිදුකළ අධ්‍යනයකට අනුව විදුලිය සහ ගෑස් අවම මිලට වඩා 21% ක වැඩි ප්‍රතිශතයක් වික්ටෝරියානුවන් ගෙවන බව ප්‍රාන්ත රජය හෙළි කරයි.

වසර 8 කට පෙර නියාමනය අතහැර දැමූ බලශක්ති මිල ගණන් නැවත නියාමනය කළ යුතු බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

කෙසේනමුත්, මෙම ගනුදෙනුවේදී බලශක්ති සමාගම් වෙත කුමන අන්දමේ සහනයක් හෝ ප්‍රතිලාභයක් සලසනවා ද යන්න ප්‍රාන්ත අගමැති Daniel Andrews අනවරණය කොට නොමැත.

එමෙන්ම, මෙම වැඩපිළිවෙල එම සමාගම් වෙත බලාපාන අයුරුද ඔහු තවමත් හෙළි කර නැත.

“මෙය තර්ජනයක් නෙමෙයි. ඉහළ බලශක්ති මිල ගණන් හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ පවුල් දහස් ගණනක් බලශක්තිය සඳහා අධික මුදලක් වියදම් කරනවා. එය ඔවුන්ගේ පවුල් වලට දැඩි ලෙස බලපානවා. එනිසා අපි පෙර නොවූ විරු පියවරක් ගත්තා. ඒ අනුව ඔවුන් හට $250 ත් $720 ත් අතර ප්‍රතිලාභයක් ලැබෙනවා.” යනුවෙන් ප්‍රාන්ත අගමැති Daniel Andrews පෙන්වා දුන්නේය.

සාමාන්‍ය පාරිභෝගිකයින්ගේ බලශක්ති ගාස්තු ලබන වසරේ සිට ඉහළ දැමීමට ඇතැම් බලශක්ති සැපයුම්කරුවන් තීරණය කිරීමට සැරසෙන අතරේ මෙම තීන්දුව ගනු ලැබූ බව ද වාර්තා වේ.

ඒ අනුව Origin සමාගම තම ගාස්තු 14.4% කින් ඉහළ දමන බවත් EnergyAustralia සමාගම තම ගාස්තු 14.9% කින් ඉහළ දමන බවත් වාර්තා වන නමුත් AGL තම මිල ගණන් ඉහළ දමන ප්‍රතිශතය පිළිබඳ තවමත් අවසාන තීන්දුවකට එළඹ ඇති බව වාර්තා වේ.

ABC පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now