SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා මිලයන 57 ක Uber රියදුරන්ගේ සහ පාරිභෝගිකයින් දත්ත හැක් වෙයි. (SBS සිංහල/වාර්තා)

මෙම මිලයන 57 ක පුද්ගලයින් අතර ඔස්ට්‍රේලියාවේ Uber රථ රියදුරන් මෙන්ම Uber සේවාව ලබාගත් පාරිභෝගිකයින් ද සිටින බව Australia's privacy commissioner හෙවත් පුදගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කොමසාරිස්වරයා වෙත Uber සමාගම තහවුරු කර තිබේ.

Uber data Hacked
Source: Getty Images

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

2016 වසරේදී Uber කුලී රථ රියදුරන් සහ එම සේවය ලබාගත් පාරිභෝගිකයින් මිලයන 57 කගේ දත්ත සොරා ගැනීමකට ලක්වූ බව ඊයේ (21/11) Uber සමාගම ප්‍රකාශ කළේය.

Uber සමාගමේ නව ප්‍රධානියා ලෙස පත්වූ Dara Khosrowshahi මේ බව අනාවරණය කළ අතර ඔහු පැවසුවේ 2016 දී මිලයන 57 ක පමණ පුද්ගල දත්ත හැකර් වරුන් විසින් සොරාගෙන ඇති බවත් ඒ පිළිබඳ මේ වන තුරු අදාළ පුද්ගලයින්ව හෝ බලධාරීන්ව දැනුවත් කර නොමැති බවත්ය.

කෙසේවෙතත්, සොරාගත් දත්ත මකා දමන ලෙස Uber සමාගම අදාළ හැකර්වරුන්ට ඩොලර් 132,000 ක මුදලක් ගෙවා ඇති බවත් මෙම දත්ත කාගේ ඒවාදැයි කිසිවෙකුට හෝ දැනගනීමට ඉඩ නොතබන ලෙසට ඔවුන්ට දැනුම් දී ති බවත් අනාවරණය විය.

මෙම මිලයන 57 ක පුද්ගලයින් අතර ඔස්ට්‍රේලියාවේ Uber රථ රියදුරන් මෙන්ම Uber සේවාව ලබාගත් පාරිභෝගිකයින් ද සිටින බව Australia's privacy commissioner  හෙවත් පුදගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කොමසාරිස්වරයා වෙත Uber සමාගම තහවුරු කර තිබේ.

එනමුත්, කොපමණ ප්‍රමාණයක ඔස්ට්‍රේලියාවේ Uber රියදුරන් මේ දත්ත සොරකමේ ගොදුරු බවට පත්වී ඇතැයිද යන්න තවමත් හෙළිවී නොමැත.

“අපි විවිධ නියාමන මණ්ඩල සහ රාජ්‍ය අධිකාරීන් වෙත මේ පිළිබඳ දැනුවත් කරමින් සිටින අතර ඔවුන් සමග නිරන්තර සාකච්ඡා වල යෙදෙමින් පසුවෙනවා. එම ක්‍රියාවලිය අවසන් වන තෙක් අපට වැඩි විස්තර හෙළි කිරීමට බැහැ.” යනුවෙන් Uber Australia හි විශේෂ නියෝජිත Mike Scott, SBS පුවත් වෙත පැවසීය.

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා. සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

මේ අතර මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම උදෙසා SBS පුවත් සේවය ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ඇමතු අතර මෙම දත්ත සොරකම පිළිබඳ කරුණු සොයාගත් පසුව තමන්ව ඒ පිළිබඳ දැනුවත් කළ නමුත් Uber ප්‍රධානියා වන Dara Khosrowshahi එය ප්‍රසිද්ධ කරන තෙක් එය අනාවරණය නොකළ බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධානී Travis Kalanick පැවසුවේය.

Uber සමාගමට පිටස්තරව එම දත්ත වලට පිවිසීමට පුදගලයින් දෙදනෙකුට හැකියාවක් පවතින බව තමන් හට දැන ගැනීමට ලැබුණු බවද Dara Khosrowshahi පවසා තිබේ.

කෙසේවුවත්, මෙම දත්ත සොරකම Uber සංස්ථාපිත පද්ධතියට හෝ එහි අනෙකුත් යටිතල ව්‍යුහයන්ට බලපා නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ගමන් විස්තර, credit කාඩ් අංක, බැංකු ගිණුම් අංක, සමාජ ආරක්ෂණ අංක සහ උපන්දින වැනි අතිශය පුද්ගලික දත්ත මෙම හැකර් වරුන්ගේ ග්‍රහණයට හසුවී ඇතිදැයි තවමත් අනාවරණය නොවී ඇති බව ද සඳහන්.

නමුත් ඇමෙරිකාවේ Uber රියදුරන් ලක්ෂ 6 කගේ පමණ නම් සහ රියදුරු බලපත් අංක මෙන්ම ලොව පුරා Uber සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින් මිලයන  57 කගේ නම්, විද්‍යුත් ලිපින සහ ජංගම දුරකථන අංක හැකර්වරුන් සොරාගෙන ඇති බව හෙළිවී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now