ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වූ තැපැල් සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵල අද (15/11) පෙරවරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව තැපැල් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 61.6% එය අනුමත කර ඇති අතර 38.4% ක් එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙහි අවසාන ප්‍රතිඵල අද පෙරවරුවේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී David Kalisch විසින් නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම පුවතත් සමග ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින සමලිංගික විවාහ සඳහා සහය දක්වන පිරිස් දැඩි උද්දාමයට පත්ව ප්‍රීති ඝෝෂා පවත්වන්නට යෙදුනු බවද වාර්තා වේ.
ඒ අනුව මෙම ප්‍රතිඵලය හෙට (16/11) දිනයේදී සෙනට් සභාවට ඉදිරිපත් කර ඔස්ට්‍රේලියාවේ විවාහ නීතිය වෙනස් කිරීමට රජය අපේක්ෂා කරයි.
එළඹෙන නත්තලට පෙර මෙය පනතක් වශයෙන් සම්මත කර බලාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අදහස් කරන බවද සඳහන්.

සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වූ තැපැල් සමීක්ෂණය
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම තැපැල් සමීක්ෂණය පසුගිය නොවැම්බර් 07 වන දිනෙන් අවසන් විය.
සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක වූ මෙම තැපැල් සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවේ වලංගු ඡන්ද දායකයින්ගෙන් 79.5% ක් තම මනාපය ප්‍රකාශ කර තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසීය.
ස්වේච්ඡා සමීක්ෂණයකට මෙවැනි ප්‍රමාණයක දායකත්වයක් ලැබීම ඉතා විශිෂ්ඨ ප්‍රතිඵලයක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී David Kalisch ප්‍රකාශ කළේය.
එහිදී කාන්තාවන් 81.6% ක් ද පිරිමින් 77.3% ක්ද තම මනාපය භාවිතා කර තිබුණි.
මීට අමතරව වයස අවුරුදු 18-19 ත් අතර තරුණ පිරිසෙන් 78% ක්ද 20-24 ත් අතර පිරිසෙන් 72% ක්ද මෙම තැපැල් සමීක්ෂණය සඳහා සහභාගී වී තිබේ.
ඊට අමතරව වයස අවුරුදු 85 ට වඩා වයසැති ඔස්ට්‍රේලියානුවන් 80% ක්ද මේ සඳහා තම මනාපය පළ කර තිබේ.

නත්තලට පෙර පනත බලාත්මක කිරීමට සූදානම්.
එළඹෙන නත්තලට පෙර මෙය පනතක් වශයෙන් සම්මත කර බලාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අදහස් කරයි.
“ජනතාවගේ යුතුකම ජනතාව විසින් ඉටු කර හමාරයි. දැන් ඇත්තේ පාර්ලිමේන්තුවේ වගකීම ඉටු කිරීමටයි. මෙය නත්තලට පෙර අවසාන කළ යුතුයි.” යනුවෙන් සමස්ත ප්‍රතිඵලයේ නිල නිවේදනය නිකුත් කළ සැණින් අගමැති ටර්න්බුල් මාධ්‍ය අමතමින් පැවසුවේය.
එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ විවාහ නීතිය මෙම ප්‍රතිඵලයත් සමග වෙනස් කර හැකි ඉක්මනින් බලාත්මක කළ යුතු බවට කම්කරු පක්ෂයේ නායක Bill Shorten ද පැවසීය.
“අද අපි මේ ප්‍රතිඵලය සමරමු, හෙට අපි මෙය නීතිගත කරමු” යනුවෙන් ඔහු අවසන් ප්‍රතිඵලයේ ජය සැමරුවේය.

සමස්ත ප්‍රතිඵලය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට
- ඔස්ට්‍රේලියාවේ මැතිවරණ බල ප්‍රදේශ 133 ක Yes මනාපය ජයගෙන ඇති අතර මැතිවරණ බල ප්‍රදේශ 17 ක No මනාපය ජයගෙන තිබුණි.
- No මනාපය ජයගත් ඇතැම් මැතිවරණ බල ප්‍රදේශ කම්කරු පක්ෂයේ බල කණු බව වාර්තා විය.
- No මනාපය ජයගත් මැතිවරණ බල ප්‍රදේශ 17 න් 10 ක්ම පිහිටා ඇත්තේ බටහිර හා නිරිත දිග සිඩ්නි කලාපයේ වීමද විශේෂත්වයකි.
ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට
නිව් සවුත් වේල්ස් : 57.8% (Yes) & 42.2% (No)
වික්ටෝරියා : 64.9% (Yes) & 35.1% (No)
ක්වීන්ස්ලන්තය : 60.7% (Yes) & 39.3% (No)
දකුණු ඔස්ට්‍රේලියාව : 62.5% (Yes) & 37.5% (No)
බටහිර ඔස්ට්‍රේලියාව : 63.7% (Yes) & 36.3% (No)
ටස්මේනියාව : 63.6% (Yes) & 36.4% (No)
නොදර්න් ටෙරිටරි : 60.6% (Yes) & 39.4% (No)
ACT: 74% (Yes) & 26% (No)
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත වල මේ සඳහා බහුතර ජනතාවක් කැමැත්ත පළ කර ඇති අතර ඉන් ඉහළම කැමැත්ත ලබා දී ඇත්තේ Australian Capital Territory වේ.
SBS පුවත් හා ABS දත්ත ඇසුරෙනි.
----------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------

