වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්මත කිරීමේ සෙනට් සභා ඡන්දය හෙට. (SBS සිංහල /වාර්තා)

මෙහි ,මුල් යෝජනාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

Euthanasia

Source: SBS

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ මේ දිනවල විවාදයට ගැනෙන Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ ආන්දෝලන්ත්මක යෝජිත පනත් කෙටුම්පත සංශෝධන සහිතව ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට වැඩි ඉඩක් ඇති බව පෙනේ.

වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ද මෙම සංශෝධන සහිත යෝජිත පනත ට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙහි ,මුල් යෝජනාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

නමුත් එම මාස 12 ක කාලය මාස 6 දක්වා අඩු කිරීමේ සංශෝධනයක් සෙනට් සභාවට ගෙන ආ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බව වාර්තා වේ.

නමුත් චාලක නියුරෝන රෝගයෙන් සහ පඨක ඝන වීමේ රෝග වලින් පෙළෙන රෝගීන් හට එම කාලය මාස 12ක් දකවා දීර්ඝ කෙරේ.

Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ මෙම යෝජනාව පසුගිය ඔක්තෝබර් 18 වන දින වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී වැඩි ඡන්ද 8 කින් සම්මත විය.

කෙසේවෙතත්, වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති James Merlino විසින් මෙයට විරුද්ධව සංශෝධිත පනතක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය  47-39 ක් ලෙස වැඩි ඡන්ද 8 කින් පරාජයට පත් විය.

රෝගීන්ගේ අවසාන කාලය සුවදායී බවින් තබන්නට අදාළ පහසුකම් සැපයීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය හා දුෂ්කර ප්‍රදේශ වලට ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිපාදන වැඩි කර ඇති බවත් ඒ සඳහා සමස්ත ප්‍රාන්තයටම ඩොලර් මිලියන 62 ක ප්‍රතිපාදන ලබා දීමට ප්‍රාන්ත රජය නිවේදනය කළ බවත් වාර්තා වේ.

ඒ අනුව සංශෝධන සහිත Euthanasia යෝජිත පනත සහ යෝජිත සෞඛ්‍ය මුල්‍ය ප්‍රතිපාදන යන ද්විත්වයටම සෙනට් සභාවේ අනුමැතිය හිම්වන ලකුණු ඇති බව බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස් වලින් පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳ අවසාන ඡන්ද විමසීම හෙට (16/11) දිනයේදී පැවැත්වීමට නියමිත අතර එය සෙනට් සභාවේදී සම්මත වුවහොත් පහළ මන්ත්‍රණ සභාව විසින් පනත ස්ථිර කළ යුතු වෙයි.

ABC පුවත් ඇසුරෙනි.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now