SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල පාරිභෝගිකයින්ට සිද්ධ වෙච්ච අලුත්ම අර්බුදය මෙන්න. (SBS සිංහල/වාර්තා)

වේගවත් අන්තර්ජාල සේවාවක් NBN හරහා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඔවුන් අදාළ පාරිභෝගිකයින් හට අනතර්ජාල පැකේජයන් අලෙවි කළ නමුත් පොරොන්දු වූ පරිදි ඒවා සැපයීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් පාරිභෝගික නීති උල්ලංඝනය කළ බව පැවසේ.

NBN Issue
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

පොරොන්දු වූ පරිදි National Broadband සේවාවේ වේගවත් බව සැපයීමට අපොහොසත් වීම නිසා තම පාරිභෝගිකයින් 42,000 හට වන්දි ගෙවීමට Telstra සමාගම එකඟ වී තිබේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් මෙම වසරේ නොවැම්බර් මාසය වන තෙක් Telstra හා Belong වෙතින් NBN සේවාවන් ලබාගත් පාරිභෝගිකයින් හට මෙය අදාළ වන බව වාර්තා වේ.

වේගවත් අන්තර්ජාල සේවාවක් NBN හරහා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඔවුන් අදාළ පාරිභෝගිකයින් හට අනතර්ජාල පැකේජයන් අලෙවි කළ නමුත් පොරොන්දු වූ පරිදි ඒවා සැපයීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් පාරිභෝගික නීති උල්ලංඝනය කළ බව පැවසේ.

බොහෝ Telstra පාරිභෝගිකයින් හට තම අනතර්ජාල පැකේජයේ සඳහන් පරිදි ඉහළම වේගය ලැබී නොමැති බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

නමුත් ඉහළ වේගයකින් යුත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා Telstra පාරිභෝගිකයින් වැඩි මුදලක් ගෙවන බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims පැවසීය. නමුත් අපේක්ෂිත වේගය ඔවුන් හට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

“සෑම ව්‍යාපාරයක්ම තම පාරිභෝගිකයන්ට ලබා දෙන වෙළෙඳ පොරොන්දු නිසි පරිදි ඉටු කිරීමට වගබලාගත යුතුයි. තමන් පාරිභෝගිකයින් හට ලබා දෙන භාණ්ඩ හා සේවාවන් පොරොන්දු වූ අයුරින්ම ලබා දිය යුතුයි.” යනුවෙන්  Rod Sims වැඩි දුරටත් පැවසීය.

තමන් ගේ පාරිභෝගිකයින්ව නොමග යැවූ බව Telstra සමගම මේ වන විට පිළිගෙන තිබෙන බවද සඳහන්.

Telstra සමගම මෙම අර්බුදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම වෙත වාර්තා කරන විට එය Telstra සමාගමේ ගැටළුවක් නොවන බව තමන්ට වැටහුණු බවද Rod Sims ප්‍රකාශ කළේය.

“එය සන්නිවේදන කර්මාන්තයේ අර්බුදයක්. අපි මේ සම්බන්ධයෙන් අපගේ පරීක්ෂණ තව දුරටත් සිදු කරමින් යනවා. එහිදී NBN හරහා අන්තර්ජාල හා බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන් අලෙවි කරන අනෙකුත් වෙළෙඳ සමාගම් පිළිබඳවද අපි සොයා බලනවා. ඉන් අනතුරුව ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරනවා.” යනුවෙන්ද ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now