මෙල්බන් - කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව ඇරඹෙයි. (SBS සිංහල/වාර්තා) - ඡායාරූප සහිතයි.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සෘජු ගුවන් ගමනක් මෙලෙස දියත් කෙරුණේ වසර 15 කට පසු වීමද විශේෂත්වයකි.

Sri Lankan Airlines launched Melbourne to Colombo direct service.

Source: Sri Lankan Airlines

කොළඹ සිට මෙල්බන් නුවර දක්වා දෛනිකව ක්‍රියාත්මක කෙරෙන සෘජු ගුවන් සේවාව ඔක්තෝබර් 29 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සෘජු ගුවන් ගමනක් මෙලෙස දියත් කෙරුණේ වසර 15 කට පසු වීමද විශේෂත්වයකි.

ඒ අනුව එහි ප්‍රථම ගුවන් යානය ඊයේ (30/10) සවස 3.17 ට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟා විය.

Sri Lankan Airlines launched Melbourne to Colombo direct service.
Source: Sri Lankan Airlines

සාමාන්‍ය කාල සටහනට අනුව කොළඹ සිට මෙල්බන් බලා පැමිණෙන ගුවන් යානය මෙල්බන් වේලාවෙන් පස්වරු 3.25 ට ගොඩ බැසීමට නියමිත වුවද ඊයේ දිනයේදී එය මිනිත්තු 8 කට පෙර ගොඩබට බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මෙම මංගල ගුවන් ගමනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සහ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සහභාගී විය.

UL604 නමැති ගුවන් ගමනෙන් මෙල්බන් වෙත පැමිණි එම සම්භාවනීය පිරිස මෙල්බන් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රධානී Simon Gandy විසින් පිළිගන්නා ලදී.

Sri Lankan Airlines launched Melbourne to Colombo direct service.
Source: Sri Lankan Airlines

මෙම සෘජු ගුවන් ගමන පැය 10 ක ගමනක් වන අතර මෙය වික්ටෝරියානු ප්‍රාන්තයේ  වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් හටම මහත්වූ පහසුවක් සලසනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශ්වාස කරයි.

මෙතෙක් කලක් මෙල්බන් ගුවන් තොටෙන් ශ්‍රී ලංකාව බලා ගිය ගුවන් මගීන් හට තායිලන්තයේ බැංකොක්, මැලේසියාවේ ක්වාලාලම්පූර් හා සිංගප්පුරුවේ Changi යන ගුවන් තොටුපොළවල් හරහා යාමට සිදුව තිබුණි.

Sri Lankan Airlines launched Melbourne to Colombo direct service.
Source: Sri Lankan Airlines

මෙල්බන් - කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව

මෙල්බන් - කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය යොදා ගනු ලබන්නේ Airbus A330- 200 වර්ගයේ ගුවන් යානයකි.

UL604 දරන ගුවන් යානය දිනපතා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.50 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වේ.  එය මෙල්බන් වේලාවෙන් පස්වරු 3.25 ට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වේ.

UL605 දරන ගුවන් යානය දිනපතා මෙල්බන් වේලාවෙන් පස්වරු 4.55 ට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වේ.  එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී  10.15 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වේ.

මෙල්බන් - කොළඹ මෙම සෘජු ගුවන් සේවාව සපයන ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන 18 ක්ද Economy පන්තියේ ආසන 251 ක් ද තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ බව 2016 වසරේදී පැවැත්වූ නවතම ඔස්ට්‍රේලියානු ජන හා නිවාස සංගණනයෙන් හෙළිවී තිබේ.

Source – Sri Lankan Airline.

-----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-----------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now