SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම් හිටි අඩියේම දැවැන්ත ලෙස ඉහළ යයි. (SBS සිංහල/වාර්තා)

සෙනට් සභාවෙන් එම යෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග ඒ සියලු අයදුම් පත් මෙතෙක් කලක් පැවතුණු නීති යටතේ සළකා බැලෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ගේ ප්‍රකාශයෙකු SBS පුවත් සේවයට පැවසීය.

Australian citizenship
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු රජය විසින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී යෝජිත වෙනස්කම් පසුගිය සතියේ දී සෙනට් සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව වෙත පුරවැසිභාවය අයදුම් කරමින් විශාල අයදුම් පත් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජ්තවරයෙකු සමග පැවැත්වූ සෙනට් සභා කරුණු විමසීමකදී මේ බව හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය අප්‍රේල් 20 වන දින නිල වශෙයන් යෝජනා කළ අතර ඒ සඳහා සමාජයෙන් විශාල විරුද්ධත්වයක් පැන නැගුණි.

ස්ථිර පදිංචිය ලබා වසර 4 කට පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ යුතු වීම, IELTS ලකුණු 6 මට්ටමට සමාන අපහසු මට්ටමේ ඉංග්‍රීසි පරීක්ෂණයට මුහුණ දීම සහ ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ ඇගයීම් පරීක්ෂණයකට මුහුණ දීම එම යෝජිත නීති විය.

එම නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් වෙත අවධානය යොමු කිරීම තාවකලිකව නතර කළේය.

ඒ අනුව යම් හෙයකින් එම නව යෝජනා සෙනට් සභාවේදී සම්මත වී නම් අප්‍රේල් 20 වන දායින් පසුව දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පුරවැසිභාවය අයදුම් කිරීම සම්බන්ධව සියලු අයදුම් පත් සළකා බැලෙනුයේ නව නීති යටතේය.

නමුත් සෙනට් සභාවෙන් එම යෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග ඒ සියලු අයදුම් පත් මෙතෙක් කලක් පැවතුණු නීති යටතේ සළකා බැලෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ගේ ප්‍රකාශයෙකු SBS පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියානු රජයේ මෙම යෝජනා පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මතවූ නමුත් මුල සිටම සෙනට් සභාවේ විපක්ෂ කණ්ඩායම් මේ සඳහා තම විරෝධතා ඉදිරිපත් කළේය.

කම්කරු පක්ෂය මේ සඳහා එක හෙළාම විරුද්ධ වූ අතර ග්‍රීන්ස් පක්ෂය මේ සම්බන්ධ සෙනට් පත්‍රිකාවක් ඉදරිපත් කළේය.

මෙම නව යෝජනා සම්මත කරගැනීමට රජය ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය තීරණාත්මක ලෙස අපේක්ෂා කළ නමුත් Nick Xenophon ගේ කණ්ඩායම ද රජයේ යෝජනා වලට විරුද්ධත්වය දැක්වීය.

පසුගිය අප්‍රේල් 20 වන දින සිට පසුගිය සතිය දක්වා සාපේක්ෂව අඩු අයදුම්පත් සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා තම දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නමුත් පසුගිය සතියේ සිට එම ප්‍රමාණය ක්ෂණිකව කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව එම විශේෂ නියෝජිතවරිය පැවසුවාය.

තමන්ගේ ඔස්ට්‍රේලියානු පුරවසිභාවය පිළිබඳ අයදුම් පත ආගමන කටයුතු හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සලකා බලන තෙක් 118,000 ක් පමණ පිරිසක් බලා සිටින බවද වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now