2020 වන විට ඔස්ට්‍රේලියාවේ මහල් නිවාස වලට සිදුවන දේ මෙන්න.(SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළට පය තැබීමට සූදානම් වන පිරිසට මෙය කදිම අවස්ථාවකි.

Cuộc sống trong các căn hộ hiện là chọn lựa của nhiều người Úc.

Cuộc sống trong các căn hộ hiện là chọn lựa của nhiều người Úc. Source: Getty Images

එළඹෙන 2020 වසර වන විට ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ නගර වල තිබෙන මහල් නිවාස වල මිල ගණන් 4 – 7% ක ප්‍රතිශතයකින් පහත යන බව QBE ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළට පය තැබීමට සූදානම් වන පිරිසට මෙය කදිම අවස්ථාවක් බව QBE හි නිවාස ණය රක්ෂණයේ ප්‍රධාන විධායක Phil White සඳහන් කරයි.

Units වර්ගයේ නිවාස වල මිල ගණන් වල මිල වෙත විදේශීය ආයෝජකයින් ඇතුළු සියලු ආයෝජකයින් ගේ මැදිහත්වීම ඉතා විශාල බලපෑමක් කළ නමුත් ඔස්ට්‍රේලියානු බැංකු ඒ සඳහා වැඩි මැදිහත්වීමක් සිදු කරමින් පවතින හෙයින් එම තත්ත්වය අනෙක් අතට පෙරළෙමින් පවතින බවද ඔහු පැවසීය.

“ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් මේ වන විට 50% ක් ම පැතිරී ඇත්තේ මෙම Units වර්ගයේ නිවාස වන අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 4 ක ඒවායේ මිල ගණන් ඉදිරියේදී පහළ යනු ඇති බවට අනාවැකි පළ කරන්න පුළුවන්. මේ තත්ත්වය, ප්‍රථම නිවෙස මිලට ගන්නා පුද්ගලයින්ට මෙන්ම නිවාස වැඩි දියුණු කිරීමට අදහස් කරගෙන සිටින පුද්ගලයින්ට සුබදායී පුවතක් වනවා නියතයි.” යනුවෙන්ද ප්‍රධාන විධායක Phil White ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, 2020 වන විට සිඩ්නි හා ඩාවින් වල හැර අනෙක් ප්‍රධාන නගරවල වියුක්ති නිවාස මිල ඉහළ යාමක් සිදුවන්නට ඉඩ ඇති බවද Phil White සඳහන් කළේය.

2020 වන විට සිඩ්නි නුවර නිවාස මිල ගණන් 0.2% කින් පමණ පහළ බසින බවත් බ්‍රිස්බන් හා ඇඩිලේඩ් නගර වල නිවාස වල මිල ගණන් 7% කින් පමණ ඉහළ යන බවටත් අනාවැකි කීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙල්බන්, කැන්බරා සහ හෝබාට් නුවර වල නිවාස මිල ගණන්ද ඉහළ යනු ඇති බවට එම වාර්තාව අනාවැකි සපයයි.

ABC පුවත් ඇසුරෙනි.

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service