SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාව අර්බුදයට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙයි. නියෝජ්‍ය අගමැති ඇතුළු 5 ක් එළියට. (SBS සිංහල/වාර්තා)

Barnaby Joyce හට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් සන්ධානයට තිබූ එක් ආසනයක බහුතරය ඔවුන් හට අහිමිවීමක් සිදුවන බවද වාර්තා වේ.

Australian citizenship saga
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදය නිමාවට පත් කරමින් ඒ සඳහා චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් 7 දෙනා සම්බන්ධ තීන්දුව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce හට 2016 මැතිවරණය යටතේ පවතින පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව Barnaby Joyce හට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සිදු වන අතර නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා Fiona Nash හට ද එම ඉරණමම අත්වී තිබේ.

ඊට අමතරව One Nation පක්ෂයේ Malcolm Roberts, ග්‍රීන්ස් පක්ෂයේ හිටපු සෙනට් සභිකයින් වන Larissa Waters සහ Scott Ludlam යන අයටද මෙම ද්විත්ව පුරවැසිභාව අර්බුදය නිසා තම පාර්ලිමේන්තු ආසනය අහිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

මේ අතර මෙම අර්බුදයට මුහුණ පා සිටි නැෂනල්ස් පක්ෂයේ සෙනට් සභික Matthew Canavan සහ සෙනට් සභික Nick Xenophon හට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ නීත්‍යානුකූල හිමිකම් ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවේ සඳහන් කර ඇත.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නොලැබූ ඉහත 5 දෙනාගේ පාර්ලිමේන්තු ආසන සඳහා සභිකයින් තේරීමේදී එය ඡන්ද පත්‍රිකා නැවත ගණන් කිරීමේ විශේෂ වටයකින් සිදු කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Barnaby Joyce හට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් සන්ධානයට තිබූ එක් ආසනයක බහුතරය ඔවුන් හට අහිමිවීමක් සිදුවන බවද වාර්තා වේ.

කෙසේවෙතත්, දෙසැම්බර් 2 වන දින පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණය සඳහා නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce මුහුණ දීමට සූදානම් වන අතර එහිදී ඔහු නැවතත් තම New England ආසනය සඳහා තරග කිරීමට නියමිත බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට තමන් ගරු කරන බවත් මේ සම්බන්ධව ඇතිවූ අපහසුතාවන්ට සමාව අයදින බවත් Barnaby Joyce පැවසුවේය.

පුරප්පාඩු සඳහා කවුරුන් පත් වේද?

  • Larissa Waters වෙනුවෙන් - ග්‍රීන්ස් පක්ෂයේ ක්වීන්ස්ලන්තය නියෝජනය කළ Andrew Bartlett.
  • Scott Ludlam වෙනුවෙන් - ග්‍රීන්ස් පක්ෂයේ බටහිර ඔස්ට්‍රේලියාව නියෝජනය කළ Jordan Steele-John.
  • Malcolm Roberts වෙනුවෙන් - One Nation පක්ෂයේ ක්වීන්ස්ලන්තය නියෝජනය කළ Fraser Anning.
  • Fiona Nash වෙනුවෙන් - ලිබරල් පක්ෂයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කළ Hollie Hughes.

Hollie Hughes ගේ පත්වීමෙන් ලිබරල් සන්ධාන රජයේ ලිබරල් හා නැෂනල්ස් පක්ෂ වල ඇති සමතුලිතතාව බිදී යනු ඇතැයිද වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග මෙම ගෙවී යන සති අන්තයේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් සහභාගී වීමට නියමිතව තිබූ Israel සංචාරයද ප්‍රමාද කිරීමට අගමැතිවරයාට සිදුවූ නමුත් Battle of Beersheba හි 100 වන සංවත්සරය ට ඔහු සහභාගී වන බව වාර්තා වේ.

SBS හා ABC පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now