SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන්ගේ නවතම තත්ත්වය මෙන්න. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ උසස් අධයාපන ආයතන සඳහා ඉහළම සිසුන් බඳවා ගැනීමක් සිදු කරනු ලබන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එය 37% ක් ප්‍රතිශතයකි.

International Students
Source: Getty Images

2 min read

Published

Updated

By Sarah Abo, Madhura Seneviratne



Skip to article content

යකඩ ලෝපස් හා ගල් අඟුරු වලට අනතුරුව ඔස්ට්‍රේලියාවේ විශාලතම අපනයන කර්මාන්තය ලෙස අධ්‍යාපනය අධ්‍යාපනය වාර්තා වේ.

පසුගිය මුල්‍ය වර්ෂයට අනුව ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන්ගෙන් ලත් ආදායම ඩොලර් බිලියන 28 ක් බව ගණන් බලා ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාව තුළම ජාත්‍යන්තර සිසුන් 16% කින් වර්ධනය වී ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම වසරේ ජනවාරි සහ අගෝස්තු මාස අතරතුර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ආයතන වල ලියා පදිංචි වූ මුළු ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 577, 353 ලෙස වාර්තා වේ.

එයින් විශාලතම ප්‍රතිශතයක් චීන සිසුන් බව සඳහන් වේ. එය ප්‍රමාණාත්මකව 169,261 වන අතර ප්‍රතිශතයක් ලෙස 29.4% කි.

ඉන්දියාව එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර එය ප්‍රමාණාත්මකව 64,917 කි.

ඉන් අනතුරුව පිළිවෙලින් නේපාලය, මැලේසියාව, වියට්නාමය, බ්‍රසීලය, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ හොන්ග් කොන්ග් රාජ්‍යය ලයිස්තුවේ ඊළඟ ස්ථාන හිමි කරගෙන සිටියි.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථික ප්‍රතිලාභ ගෙනදෙන ක්ෂේත්‍රයක් වන නමුත් මෙරට තුළ වැඩි අවදානමක් සහිත ජන කොට්ටාසය ලෙස ජාත්‍යන්තර සිසුන් හැඳින් වේ.

International students enrolled in Australia (top 20 countries) January - August 2017.
International students enrolled in Australia (top 20 countries) January - August 2017. Source: SBS

හරස් කඩ

ඔස්ට්‍රේලියාවේ උසස් අධයාපන ආයතන සඳහා ඉහළම සිසුන් බඳවා ගැනීමක් සිදු කරනු ලබන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එය 37% ක් ප්‍රතිශතයකි.

වික්ටෝරියා ප්‍රාන්තය දෙවැනි තැන සිටින අතර එහි ප්‍රතිශතය 32% කි.

ජාත්‍යන්තර සිසුන්ගේ ඔස්ට්‍රේලියාව පිළිබඳ අත්දැකීම් වැඩි කිරීමක් අවශ්‍ය බවත් ඒ සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඩොලර් 337,000 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

එම මුදල ලැබුනහොත් ශිෂ්‍ය සුබ සාධන වැඩ පිළිවෙල සඳහා එය මහත් රුකුලක් වනු ඇති බව වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් Tim Ada පැවසීය.

කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජාත්‍යන්තර සිසුන් 175,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බවද සඳහන්.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now